IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑ

යොහාන් භාසුර

කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයකදී කළ ප්‍රකාශ සහමුලින්ම ප්‍රලාපයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

‘පාස්කු දින’ ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමේදී මානව හිමිකම් කඩකළ සහ ‘පාස්කු දින’ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉෂ්ට නොකළ පක්‍ෂවලට ඡන්දය නොදෙන ලෙස පමණක් ප්‍රකාශ කළ බවත් ‘පාස්කු දින’ ප්‍රහාරයේ සත්‍ය පිළිබඳව විමර්ශන කරන්නේ යැයි සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය පමණක් මේ දක්වා වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් එම නිවේදනයෙන් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කරති.

වෙනත් දේශපාලන පක්‍ෂ ද එවැනි වැඩ සටහන් ඉදිරිපත් කළ හැකි මෙන්ම පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ, විනිවිද පෙනෙන පරීක්‍ෂණයක් කරන ලෙස එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද පවසන කොළඹ අගරදගුරුතුමා එවැනි විසඳුමක් දෙන ඕනෑම පක්‍ෂයකට කැමැති අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට සියලුම පුරවැසියන් දිරිමත් කරන බව ද කියති.

 



අදහස් (10)

ඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑ

Ridma Tuesday, 30 April 2024 11:20 PM

සුදු ඇඳගෙන කලු ඇවිදින් මුසා කියයි උමතු ලෙසින් ඩොලර් රසට වෙලා වහල් දුක විකුණයි සුදන වෙසින්

:       9       80

Dasa PWednesday, 01 May 2024 06:13 PM

කවිය නම් ලස්සනයි. හැබැයි පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කරනවා කියලා බොරු පොරොන්දු දීලා බලයට ඇවිත් ඒක යට ගහපු එක නම් මකාගන්න බෑ..!

:       18       6

Asanga samantha Wednesday, 01 May 2024 10:24 AM

හා හා මෙයා බබා. මෙයා දිය යටින් ගින්දර ගෙනියන කෙනෙක්.

:       10       61

සුරංග Wednesday, 01 May 2024 10:55 AM

කට බොරු කිව්වට දිව බොරු කියන්නෙ නැහැ අපිට හොදින්ම මතකයි ගෝඨාභය ජනාධිපති කරන්න දැගලූ දැගලිල්ල .අසංග ඔබේ අදහස ඉතාමත් නිවැරදියි

:       10       49

anura Wednesday, 01 May 2024 11:55 AM

පරණ වෙන කොට වයර් මාරුවෙන එක සාමාන්‍ය දෙයක්. කරන්න තියෙන්නේ අළුත් එකක් ගන්න එකයි..

:       3       38

Saman Senarathne Wednesday, 01 May 2024 03:05 PM

එයාටද පිස්සු... මටද පිස්සු කියලා හිතන ගමන් ඉන්නේ...!

:       2       34

විපරමා Wednesday, 01 May 2024 04:11 PM

කෙන්ද කන්ද කරලා කියන, ජනතාව අන්දවන, ටොම් පච ගහන බලලෝභී දූෂිත දේශපාලුවන් දියවන්නාවේ ඉන්නේ... ගෝඨාභය ආරක්ෂාවට වගකියන නායකයෙක්, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කරනවා කියලයි පොරොන්දු වුනේ...

:       25       2

සාලිය​ Wednesday, 01 May 2024 05:35 PM

එතකොට දැන් කාවවත් ප්‍රොමෝට් කරන්නැද්ද​?

:       2       26

chandima Wednesday, 01 May 2024 08:16 PM

පහුවෙලා ඡන්දෙටත් යාඥා කරන්න හිතාගෙන ඉන්නවද?

:       2       26

Harimanis Wednesday, 01 May 2024 11:06 PM

ඇති හුකුම් ගේ ඔලුව වැදිලා .ඔය ඉස්සෙලම මීගමුවේ ධීවරයන්ගෙයි ලෙල්ලම දීලා එන්නකෝ මාධ්‍ය ඉස්සරහට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ
2024 මැයි මස 21 96 0

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට සම්බන


ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක්
2024 මැයි මස 21 1328 1

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැ


පොදු සමාකාලයේදී 15667ක් හමුදාවෙන් ඉවත් වෙලා
2024 මැයි මස 21 153 0

නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබා දී තිබූ මාසයක පොදු සමාකාලය තුළදී එම සමාජිකයන් 15667 දෙනෙක් ඉවත් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පව


ඉරාන ජනපති වියෝව ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි
2024 මැයි මස 21 567 1

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී


අපදාවෙන් බේරෙන්න විමසිලිමත් වෙන්න
2024 මැයි මස 21 381 0

පවතින අධික වැසි,සහ සුළං තතත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගංවතුර අවදානමක් මතුව ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල හදිසි අනතුරුද වාර්තා වේ.


ඩයනා ගමගේට ඇප
2024 මැයි මස 21 1486 4

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 848 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2393 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2053 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site