
(රොෂන් තුෂාර)
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
පසුගිය 20 වැනි දිනයේදී රහස් පොලිසිය මගින් සැකකාරියක ලෙස නම් කළ ඩයනා ගමගේ අගමික සහ විගාමික පනතේ යටතේ පුදගල ලියාපදිංචි පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අධිකණයට දැන්වීය.
සැකකාරිය කර ඇති බව මාධ්‍යමගින් තොරතුරු දැනගත් විගය අධිකරණයට ඉදිරිපත් වූ බව රහස් පොලිසිය ලිඛිතව දැනුම් දීමෙන් පසු ඇය අධිකරණයට ඉදිරිපත් විය.
රහස් පොලිසිය ලිඛිත දැනුම්දිමක් කර තිබුණ ද ඔවුන් අධිකරණය පෙනී නොසිටින බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් සැකකාරිය ඇප නියම කළේය.
රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් ද මිලියන 10 ක ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුවේ පාර්ශව කාර්යන්ට හා නීතිඥ ප්‍රජාවට අගතියයක් වන ප්‍රකාශ නොකරන ලෙසට සැකකාරියට තරයේ අවවාද කළේය.
COMMENTS
ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
මෙව්වනේ නඩු කියන්නේ.......""'රහස් පොලිසිය ලිඛිත දැනුම්දිමක් කර තිබුණ ද ඔවුන් අධිකරණය පෙනී නොසිටින බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් සැකකාරිය ඇප නියම කළේය.""""
රංජිත්ට පොඩි කියවීමේ අපහසුවක් තියෙනව වගේ. ඊට උඩ වාක්‍යයත් පොඩ්ඩක් කියෙව්ව නම් ඒ අමාරුව හොඳ වෙනව. ඩයනා අධිකරණයට භාර වීමෙන් පස්සේ තමයි ඇප දීල තියෙන්නෙ. ජෙප්පොන්ට කොහොමත් වාසි ටික විතරයි පේන්නෙ. ඕක ලෙඩක්. කුහකකම කියල කියන්නෙ. තමන්ම තමයි හොඳ කර ගන්න ඕන.
තවත් නිකන් නාඩගමක් විතරයි .ඉස්සෙල්ලා චන්දයක් තියන්නකෝ
අපි හිතාගෙන හිටියේ රනිල් රාජපක්ෂගේ සී.අයි.ඩි.ය ඩයනා මැඩම්ව රට පුරා හොයන්නේ අල්ලලා කුදලාගෙන ඇවිල්ලා හය මාසයක් වත් රිමාන්ඩ් කරලා තියන්න වෙන්න ඇති කියලා, දැනුයි තේරෙන්නේ හොයලා තියෙන්නේ උසාවියෙන් ඇප අරන් දෙන්න කියලා. ඒකනේ ඩයනා මැඩම් උසාවියට ඉදිරිපත් වුණොත් රනිල්ගේ සී.අයි.ඩි. උසාවිය පැත්ත පළාතේ ආවේ නැත්තේ.
උදය , තමුන්ට හිතෙන්නේ ඩයනාට එරෙහි සියල්ලම ජෙප්පො කියලද? තමුන්ලාට ජෙප්පො හීනෙන් පේනව වගේ දවසට දෙතුන් වරක්. ජෙප්පන්ට බය හොරාකාපු උන්ට කඩේ යන අය විතරයි.
එයාට ඇප ලබාදෙන එකට අපරාදේ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විරුද්ධ වෙලා නැහැලු
ඩයනා මෙරට පුරවැසියෙක් නෙවෙයි කියලා අධිකරණයේ ඔප්පුවෙලා තීන්දුවකුත් දීලා ඉවරයි. ඩයනා කියපු බොරු ඔක්කෝම රෝල්. මේ රටේ පුරවැසියෙක් නෙවෙයි නම් නීති විරෝධීව ඉඳලා තියෙන්නේ. නීති විරෝධීව සැප සම්පත් විඳලා තියෙනවා. මහජන මුදල් දැනදැනම අවභාවිතා කරලා. වෙන කෙනෙක් මහජන මුදල් අවභාවිතා කළා නම් මොකක්ද ප්‍රතිපත්තිය...?
ඩයනා වීසා නැතිවනේ අපේ රටේ ඉන්නේ.. ඉතින් කොහොමද ඇප දෙන්නේ?
බෙරළුගොඩ කැණහිලුන්ගේ .... පැත්තේ හිටියේ..
දැන්වත් තේරුම් ගනිල්ලා ලංකාවේ නීති දෙකක් තියෙන බව. රටේ බූරුවෝ වැඩි වුණාම මෙහෙම වෙනවා.
මේ රටේ ලමයි කල්පනා කරනවා ඇති රටේ පුරවැසි බවත් නැතිව මදිවට වංචා සහගත ලෙස මේ රටේ ඉන්නේ කොහොමද කියලා... මේවා වැරදි පූර්වාදර්ශ යහපත් රටකටනම්
අලි හොරු තීන්දු ගන්නකොට ඔහොම වෙනවා.