(ගයාන් සූරියආරච්චි සහ ආරියරත්න රණබාහු)

පොදු සමා කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 15,667 ක් නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රසික කුමාර මහතා පැවැසීය.

නිවාඩු නොමැතිව ඉකුත් දෙසැම්බර් 31 වැනිදා සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන්ට සේවයෙන් නීත්‍යනුකූලව ඉවත් වීම සදහා මසක කාලයක් ලබාදී තිබුණි. ඒ අනුව එම සාමාජිකයන්ට අයත් රෙජිමේන්තු මගින් සාමාජිකයන් 15,294 ක් තාවකාලිකව අස් කිරීමේ කටයුතු සිදුකර ඇති බව රසික කුමාර මහතා කීය.

මීට අමතරව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයන් 373 දෙනකු ද නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.