(නිමල කොඩිතුවක්කු)
ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් (ජාතික මැතිවරණ) රසික පීරිස් මහතා පැවසීය.
සෑම වර්ෂයකම පෙබරවාරි මස 01වැනිදා ඡන්දහිමියන් සඳහා ලියාපදිංචි වීමේ දිනය බැවින් එදිනට තමන් පදිංචිව සිටින ලිපිනය ඡන්දහිමි නාම ලේඛනයට ඇතුලත් වන බවත් එම දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වීම යන කාරණා සැළකිල්ලට ගෙන ප්‍රධාන ඡන්දහිමි නාම ලේඛනයට නම් ඇතුලත් කිරීමට කටයුතු කරන බවත් රසික පීරිස් මහතා පැවසුවේය.
ඡන්දහිමි නාම ලේඛනයට පුරවැසියන්ගේ නම් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
2025 වර්ෂයේ ප්‍රධාන නාම ලේඛණයට නම් ඇතුලත් කිරීමට 2007 ජනවාරි 31 හෝ ඊට පෙර උපන් තැනැත්තන් සුදුසුකම් ලබන බවත් ගණන් ගන්නා දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වීම සහ ශ්‍රි ලාංකික පුරවැසියෙක් වීම යන කාරණ දෙක එහිදි ප්‍රධාන ලෙස සළකා බලන බවද අතිරේක මැතිවරණ කොමසාරිස් පැවසීය.
මෙම වර්ෂයේ ඡන්දහිමියන් ගණන් ගැනීම සඳහා ගණන් ගැනීමේ නිලධාරී සෑම ගෘහයකටම යෑම සිදු නොවන බවත් “අ” සහ “ආ” ලැයිස්තු යාවත්කාලීන කිරීම සදහා තොරතුරු එක් රැස්කිරීමට පමණක් ගෘහ වෙත යෑම සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඡන්දහිමි නාම ලේඛනයට හැම පුරවැසියෙක්ම ඇතුලත් විය යුතුයි