
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මැතිවරණයේ දී පොහොට්ටුව සන්ධානයකින් තරඟ කළ යුතු බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව සම්බන්ධ කරගත යුතු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව නිර්දේශ කර තිබෙි.
මෙම කමිටුව පත් කෙරුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
කමිටු සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීනී සන්ධ්‍යා සිරිවර්ධන හා ආනන්ද හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම වාර්තාව අද (20) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී ඇමතිවරයාට භාර දුන්හ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මතය අහඹු ලෙස විමසා ඔවුන් මුහුණ දෙන ගැටළු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වාර්තාවක් සැකසීම මෙම කමිටුවට පැවරුණු වගකීමයි. කමිටුව පසුගිය දින දෙක තූළ රැස් වි අදාළ වාර්තාව සකස් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරිම මෙන්ම කපටිම ගවයන් මැතිසබයට යන්නෙ මෝඩම මිනිස්සු වෙසෙන ගම්පහින් තමා ..
අම්මප මුං රෙද්දක් ඇදගෙනද කථා කරන්නෙ.ලැජ්ජ නැති පරයො.ඔය පසන්න රණතුංග කියන්නෙත් නොම්බර එකේ බඩුවක් තමයි.රට කාපු පරයො.හිටපල්ල තොපිට ලබන පාරෙ දෙන්නම් ඡන්දෙ
එන්න අපි එක්ව හොරා කමු
ඡන්දයකදී පොහොට්ටුව සිටිය යුතු තැන ගැන api kiyannam velavata
මැරතන් දුවන්න පුහුණු වෙන එක තමයි කරන්න ඕන.
එතකොට අර ඒ කාලේ පට්ට ගහපු " මහ බැංකුව මහ දවල් කොල්ල කාපු රනිල් සහ අර්ජුන වගේ හොරු සේරම කන් කෙටි වලින් අල්ලාගෙන ඇවිත් දඬුවම් දෙනවා" කියන කතාවට මොකද වෙන්නේ ?
කුණු ගඳගහන ,බඩ තඩි , උසාවියේ ඇප පිට පාර්ලිමේන්තුවේ ඉන්න කප්පම් කාරයාට මේ පාර " හොර චන්ද " දමන්න ලැබෙන්නේ නැහැ.අරගලයේ අපි ඔක්කොම ලැහැස්තියි ගම්පහ චන්දෙට