
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මැතිවරණයේ දී පොහොට්ටුව සන්ධානයකින් තරඟ කළ යුතු බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව සම්බන්ධ කරගත යුතු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව නිර්දේශ කර තිබෙි.
මෙම කමිටුව පත් කෙරුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
කමිටු සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීනී සන්ධ්‍යා සිරිවර්ධන හා ආනන්ද හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම වාර්තාව අද (20) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී ඇමතිවරයාට භාර දුන්හ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මතය අහඹු ලෙස විමසා ඔවුන් මුහුණ දෙන ගැටළු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වාර්තාවක් සැකසීම මෙම කමිටුවට පැවරුණු වගකීමයි. කමිටුව පසුගිය දින දෙක තූළ රැස් වි අදාළ වාර්තාව සකස් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඡන්දයකදී පොහොට්ටුව සිටිය යුතු තැන ගැන ගම්පහින් කියයි
සිමෙන්තිකා බදාමියාස් Tuesday, 20 December 2022 01:32 PM
සුපිරිම මෙන්ම කපටිම ගවයන් මැතිසබයට යන්නෙ මෝඩම මිනිස්සු වෙසෙන ගම්පහින් තමා ..
අප්පුහාමිTuesday, 20 December 2022 05:23 PM
පෙනෙන විදියට හොඳ කේප්ප හරක් ඉන්නවා. මසට තමයි හොඳ
ලලිත් Tuesday, 20 December 2022 01:41 PM
අම්මප මුං රෙද්දක් ඇදගෙනද කථා කරන්නෙ.ලැජ්ජ නැති පරයො.ඔය පසන්න රණතුංග කියන්නෙත් නොම්බර එකේ බඩුවක් තමයි.රට කාපු පරයො.හිටපල්ල තොපිට ලබන පාරෙ දෙන්නම් ඡන්දෙ
Shammi Tuesday, 20 December 2022 01:52 PM
එන්න අපි එක්ව හොරා කමු
jay Tuesday, 20 December 2022 02:03 PM
ඡන්දයකදී පොහොට්ටුව සිටිය යුතු තැන ගැන api kiyannam velavata
Kumara Tuesday, 20 December 2022 02:59 PM
මැරතන් දුවන්න පුහුණු වෙන එක තමයි කරන්න ඕන.
siri Tuesday, 20 December 2022 03:37 PM
එතකොට අර ඒ කාලේ පට්ට ගහපු " මහ බැංකුව මහ දවල් කොල්ල කාපු රනිල් සහ අර්ජුන වගේ හොරු සේරම කන් කෙටි වලින් අල්ලාගෙන ඇවිත් දඬුවම් දෙනවා" කියන කතාවට මොකද වෙන්නේ ?
shiran Tuesday, 20 December 2022 06:31 PM
කුණු ගඳගහන ,බඩ තඩි , උසාවියේ ඇප පිට පාර්ලිමේන්තුවේ ඉන්න කප්පම් කාරයාට මේ පාර " හොර චන්ද " දමන්න ලැබෙන්නේ නැහැ.අරගලයේ අපි ඔක්කොම ලැහැස්තියි ගම්පහ චන්දෙට