(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය ඒකාබද්ධව යෝජනාවක් ගෙනවිත් එය සම්මත කරන අවස්ථාවේ ඡන්දයක් ඉල්ලාවි යැයි ජාතික ජන බලවේගය නොසිතූ බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10)පැවසීය.
ක්‍රිකට් ආයතන සම්බන්ධ විවාදයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ නොසිටියේ ඒ හේතුව නිසා බවද අනුර දිසානායක මහතා කීය.
අදාළ කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මෙසේ ද කීය.
ක්‍රිකට් ආයතනය සම්බන්ධ යෝජනාව විපක්ෂ විපක්ෂ නායකවරයා විසින් ගෙනා ආ අතර ආණ්ඩු පක්ෂය විසින් ස්ථිර කරනු ලැබුවා.විපක්ෂය සහ ආණ්ඩු පක්ෂයේ එක්ව එම යෝජනාව සකස් කරනු ලැබුවා.ඒ අනුව ඡන්දයක් පවතින්නේ නැති බව අප උපකල්පනය කරනු ලැබුවා.
නොපවතින ඡන්දයක් වෙනුවෙන් අප සභාවේ සිටිය යුතු වන්නේ කුමටද?
අදාල ඡන්ද විමසන අවස්ථාවේ ජවිපෙ මන්ත්‍රීවරු සභාවේ සිටියේ නැතැයි මාධ්‍ය වාර්තා කර තිබුණා. අපට ඉන්නට ඡන්දයක් තිබුණේ නැහැ.ඒක විපක්ෂය සහ ආණ්ඩුව ඒකාබද්ධව ගෙන ආ යෝජනාවක්.කවුරුවත් ඡන්දයක් ඉල්ලාවි කියන බලාපොරොත්තුව අපට තිබුනේ නැහැ.
අප ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේ ෂම්මිට හෝ ක්‍රිකට් බෝඩ් එකට කඩේ යන්න නොවේ.මේ ක්‍රිකට් බෝඩ් එකේ බහිරවයන් ගැන අප කතා කරන්න පටන් ගත්තේ ගත්තෙ අද ඊයෙක නොවේ.අපේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන විට ක්‍රිකට් බෝඩ් එක එහි කැදෙව්වා.
ඇමරිකා එක්සත් ජනපදයේ ගිණුමක් ඇතිකර තිබෙන බවත් ඒ ගිණුම පෞද්ගලිකව ගනදෙනු කරන්නට ඉඩ දී තිබෙන බවත්,ක්‍රිකට් ආධාර ඒ ගිණුමට බැර කරන්නට උත්සාහ කළ බවත් එහිදී එළිදරවු වුණා.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ වංචා දූෂණ ගැන පාර්ලිමේන්තුවේ මෙන්ම එයින් පිටතත් අප ඇති තරම් කියා තිබෙනවා.ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන ලෙස අප මීට පෙරත් ඉල්ලා තිබෙනවා.
ඉන්න පාලක මණ්ඩලය විනාශකාරීයි. ඔවුන් ක්‍රිකට් අගාදෙට ගෙනිච්චා. එහෙම කියා අලුතෙන් පත් කළ අතුරු කමිටුව සම්බන්ධයෙනුත් අප සෑහීමකට පත්වන්නේ නැහැ.
අප ශම්මි වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියනවා. ෂම්මි කියන මහත්මයා අප රූපවාහිනියෙන් හැර දැකලවත් නැහැ.ඔය ගොඩක් මහත්තුරු සමග නම් ෂම්මි වාඩිවෙලා ඉන්න හැටි අප දැක තිබෙනවා.
අනෙක ඡන්දයක් ගැන අදහසක් තිබෙනවා නම් විපක්ෂ සංවිධායක තුමා එයට අපට දැනුම් දෙන්න තිබුණා.
විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
ඡන්දෙ වෙලාවට එන්නැයි මම විපක්ෂ සංවිධායක ලෙස සියලුම මන්ත්‍රීවරුන්ට කිව්වා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ජෙප්පෙක්, මාලිමාවෙක් ඒ වගේම ක්‍රිකට් ලෝලියෙක්. ඔබෙන් මේ මඟහැරීම බලාපොරොත්තු වුනේ නෑ. අඩුම ගණනේ හිතන්න තිබුණා... ප්‍රසන්න කියන විට ක්‍රිකට් බෝඩ් එක ජවිපෙට මුදල් දුන්නා කියන කොට, මේ මඟහැරීම උඩ ඒක මිනිස්සු විස්වාස කරයි කියලා. දැන් තමුන්ගේ වැරැදි අනුන්ගේ ඇඟේ ගහන්න එපා. මම වගේම තව මිනිස්සු කී දෙනෙක් කලකිරීමෙන් ඇතිද? අපි පුළුවන් කමකට නෙවෙයි... අතින් මුදල් වියදම් කරගෙන, දහඩිය වගුරුවාගෙන, පොලිසියෙන් ගුටි කාගෙන පක්ෂෙට වැඩ කරන්නේ. මිනිස්සුන්ගේ හදවත තේරුම් ගන්න. පොදු මිනිස්සුන්ට විනෝදෙට තිබුනේ ක්‍රිකට් විතරයි. ඔයා කිරි කලයක් දොවලා ගොම බිංදුවක් එකතු කළා...
අකුදී බබා! රනිල් අගමැති කරන්න කාලෙකට කලින් පාර්ලිමේන්තුව ඇතුලේ මීටර් 100 දුවපු අයියලානේ මේ...!
නොදන්න මගුල් ගැන අපි ඔතන මොනවා කථා කරන්නද? ක්‍රිකට් කියන්නේ අධිරාජ්‍ය වාදීන්ගේ ක්‍රීඩාවක්... අපිට පුළුවන් ගොරකා දඩමස් කරන්න, මිනිරන් ග්‍රැෆයින් කරන්න වගේ දේවල් මිසක් ක්‍රිකට් නොවෙයි. සිද්ද වුණු සැන්තෑසිය, විවාදය දන්නේ නැතුව ඡන්දේ දෙන්නේ කොහොමද? ඒකෙන්ම තේරෙනවා මොවුන්ගේ ඡන්දේ තේරුමක්, බේරුමක් ඇතිව දෙන එකක් නොවන බව...
අනුර සහෝදර මචන් අතුරු ප්‍රශ්නයක් තිබෙනවා... අධිරාජ්‍යවාදී ඇමරිකාවට ගිහිල්ලා මිනිරන් ග්‍රැෆයින් කරන ගමන් කිව්වා නේද 113 නොලැබුනොත් අනික් පක්ෂත් එකතු කරගෙන ආණ්ඩුවක් පිහිටවනවා කියලා. එතකොට සහෝදර මචන් මන්ත්‍රීලාගේ පැන්ෂන්, ගෙවල්, වාහන, නැතිකිරිල්ලට මොකද වෙන්නේ?
මේ සාධාරණ කමෙන්ට්වලට ඩිස්ලයික් දාන්නත් සෑහෙන පිරිසක් ඉන්නවා කියන්නේ... ක්ලික් හමුදාව බැහැලම වැඩ වගේ...!
Patta, මෙන්න මෙයාට මාර කලකිරීමක් ජවිපෙ එක්ක. අම්මෝ මේ ගොල්ල තුන්දෙනා ඔතැන නොසිටි නිසා ශම්මි ආයේ පුටුවේ වාඩිවුණා වගේ, ජවිපෙට කවදාවත් ඡන්දයක් නොදී ඒකෙ ඇද කුද හොයනවා හරියට... රටේ ආණ්ඩු කළ පක්ෂයක වගේ. ඔයාට බැහැ ජවිපෙ ගමන නවත්වන්න. දැන් අන්තිම පුස්ස බින්දා වගේ, ශම්මි පුටුවේ. 225ම කැමැති වෙලත් ඒ බහිරවයා යවන්න බැරිබව දැන දැනත් ෂෝ දානවා ජනතාව රවටන්න...
බමුණු ආරච්චි, තමුන් වචනයක් වැරිම පස්සේ එල්ලි එල්ලී යන්නේ බාලාංශ ළමයෙක් වගේ. ඒ වචනෙ නිවැරැදි කළා... අර්ථය පැහැදිලි වුණත් තමන්ගේ හෘද සාක්ෂියට එරෙහිව පරණ සොර කල්ලියටම කඩේ යන්න. ඒත් මාලිමාව නිසලයි...!
සෙනවිරත්න උන්නැහේ මට jvp එකට විරුද්ධ වුණාම ඔබ කොහොමද මම හොරු කල්ලියට කඩේ යනවා කියන නිගමනයට එන්නේ? මම කලිනුත් කියලා තිබෙනවා 1977න් පසු රට පාලනය කරපු දේශපාලකයෝ කව්රුත් පට්ට හොරු කියලා. විමල් වීරවංස 360 වැඩසටහනෙදී කිව්වා වගේ ඔය කියන ජෙප්පෝ සෑම හොර කල්ලි සමග එකතුවෙලා හිටියා. නැද්ද අම්මපා? ජෙප්පෝ දැනට ඔප්පු වෙලා තිබෙන්නේ මිනීමරුවෝ හැටියට... ඒකයි අවුරුදු 58ක්ම බලයට එන්න බැරි වුනේ... හොරුද කියලා නිගමනයට එන්න තාම ඔවුන් හොරකම් කරන්න පුළුවන් තැන්වලට වැටුනේ නැහැ. බැසිල්ට වැරදුනේ කපුටා කියලා... ඒ නම හැමතැනම කිව්වේ කව්ද ජෙප්පෝ, ඉතින් අනුර ග්‍රැෆයිට් ග්‍රැෆයින් කලාම ඒක මතක් කර දෙන එක වැරදිද? ඒ විතරක්ද ප්‍රසන්න රණතුංග එයාගේ තාත්තා පුංචි අම්මාව කසාද බැන්දේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ කියනවා දැක්කාද? ඕවා ඔහොම තමයි.