(ඩයනා උදයංගනී)
ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ මුදල් නොමැති නිසා නොව ඡන්ද නොමැති නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම මන්දා මාමාගේ අඩි පාරේ යමින් මැතිවරණ සිතියම අකුලන්නට තීරණය කර ඇති බවත්, ආණ්ඩුව මැතිවරණ නොදෙන නිසා එය ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහි නීතිමය ගැටලුවක් ද ඇතැයි කී මන්ත්‍රීවරයා අයවැයෙන් මැතිවරණයට වෙන්කළ මුදල ලබාදීමට ආණ්ඩුවට නොහැකිවීම අයවැය පැරදුණා හා සමාන බව ද කීවේය.
අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බැවින් අයවැය ක්‍රියාත්මක කරන්නට නොහැකි බව ප්‍රායෝගිකව ඔප්පු කළ ආණ්ඩුව අයවැය පරාජය වුණා සේ සලකා වහාම ඉල්ලා අස්විය යුතු බව ද ගම්මන්පිල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ තමයි රාජපක්ෂලාට රට පාවා දුන්නේ .මේගොල්ලන්ට චන්දය දෙන අයට වෙයිද මොනවා වෙයිද දන්නේ නැහැ
කතාව නම් ඇත්ත... ඒත් අද රට මේ තත්වයට පත්වෙලා... ඔයාලා තමයි මුල. ඡන්දයක් තිබ්බොත් ඔයාලත් නැත්තටම නැතිවෙනවා.
රට බංකොලොත් කළ අයත් එක්ක එක නැවේම ඉඳලා නැව ගිලෙන කොට පැන්න ඔබලාටත් ඡන්ද තියෙනවා කියලා හිතන්න එපා.
ඡන්ද නෑ තමයි... එයාටත් නැහැ. ඔහේටත් නැහැ.