IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඡන්ද ප්‍රචාරයේ ගිය බසයට එරෙහි පැමිණිල්ල වීසි වේ

(රෝෂන් තුෂාර)

මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයකු සිය මැතිවරණ නිල රථය ලෙස බස් රථයක් භාවිතා කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යැයි පවසමින් බස් රථයේ රියදුරුට එරෙහිව වැලිකඩ පොලිසිය පවරා තිබූ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (01) නිෂ්ප්‍රභා කිරීමට නියෝග කළේය.

කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකුගේ රුව සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කළ එම්.පි.රංග කුමාර නමැති බස් රථ රියදුරුට එරෙහි නඩුව මෙසේ නිශ්ප්‍රභා කළේය.

අපේක්ෂකයකුට පාවිච්චි කිරීමට නොහැකි වාහන මොනවාදැයි මැතිවරණ පනතේ සඳහන් කර ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර ඇති රථය එම ගණයට නොවැටෙන බව සඳහන් කරමින් බස් රථය මුදා හැරීමටද නියෝග කළේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සංජීව ඇන්තනී මහතා පෙනී සිටි අතර සැකකාර රියදුරු පදවන බස් රථය මගී බස් රථයක් නොවන බවත්, එය ඡන්ද අපේක්ෂකයා භාවිතා කරන කුඩා ගණයේ බස් රථයක් බවත් සඳහන් කළේය.එසේ රථයක් භාවිතා කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නොවන බවද සඳහන් කළේය.

දෙපාර්සවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට බස් රථය මුදා හරිමින් පැමිණිල්ල නිෂ්ප්‍රභ කළේය.

පැමිණිල්ල වෙනුවෙන් වැළකඩ පොලිසිය පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ සංජීව ඇන්තනී , අනුරාධ් නාකන්දල ,රජීක කොඩිතුවක්කු , සමින්ද ජයසේකර කැලුම් ඔබේසේකර , ලලින් පතිරන ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

 



අදහස් (1)

ඡන්ද ප්‍රචාරයේ ගිය බසයට එරෙහි පැමිණිල්ල වීසි වේ

ජයනාත් Saturday, 02 November 2024 08:05 AM

නීතියේ හිල් වහාම වහන්න ඕනෑ. මෙතැනදී පොලිසිය හරි. නීතියේ සිදුරෙන් චූදිත නිදහස්...

:       7       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site