IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඡන්ද පත්‍රිකාව ටිකක් දිගු වෙයි

(සුජිත් හේවාජුලිගේ)

ඡන්ද පත්‍රිකාව පරණ විදිහටම මුද්‍රණය කිරීමට උත්සාහ දරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර අවසාන තීරණයක් ගන්නා බවද ඇය සඳහන් කළාය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 40 දෙනෙක් මෙවර ඉදිරිපත් වෙති. මේ හේතුවෙන් ඡන්ද පත්‍රිකාව තරමක් දිග එකක් වනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මැතිවරණයට අදාළ ලියකියවිලි රැසක් මේ දිනවල මුද්‍රණය කරගෙන යන බව ලියනගේ මහත්මිය සඳහන් කළාය.

නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව ඉතා ඉක්මනින්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කරන බව ඇය වැඩිදුරටත් කීවාය.

මැතිවරණයට අදාල දෑ මුද්‍රණය කරන හෙයින් රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් වැඩි කර ඇත.

මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා එහි වෙනම පොලිස් මුර පොළක්ද පෙරේදා(13) පිහිටවනු ලැබීය.

හදිසි මුද්‍රණ කටයුතු හේතුවෙන් මුද්‍රණ සේවයකයන්ගේ නිවාඩුද සීමා කරනු ලැබ ඇත.

 



අදහස් (2)

ඡන්ද පත්‍රිකාව ටිකක් දිගු වෙයි

Rohana Wednesday, 14 August 2024 09:39 PM

තමන්ට දිනන්න බැරිබව දැනදැනත් ප්‍රසිද්ධිය සඳහා වැඩකට නැති අයත් ජනපති අපේක්ෂකයින් වෙලා. මේ විදියට වැඩකට නැති අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමට රජය වහාම කටයුතුකළ යුතුයි. ඡන්ද දායතයාට ඡන්දය දෙන්න කලින් අපේක්ෂක නම්වැලක් අතරින් කැමැති අපේක්ෂකයා තෝරාගන්න සෑහෙන වෙලාවක් ගතකරන්න වෙනවා...

:       0       0

wedage Thursday, 15 August 2024 10:51 AM

මේ පින්තූරයේ ඉන්නේ ගංගානි නොවෙයි නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site