(අංජුල මහික වීරරත්න )
ජනතාවගේ බලාපොරොත්තු නැවත ඉහලට යන අවස්ථාවේදී පළාත් පාලන ආයතන සභිකයන් 8000කට වැටුප් ගෙවන තත්ත්වයක් විපක්ෂය අපේක්ෂා කරන්නේ නම්, එයින් රට නැවතත් ආර්ථික අගාධයකට ඇද වැටී සංචාරක කර්මාන්තයට ද හානියක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
එපමණක් නොව ඉදිරියේදී වාහන වල ලීසිං හා බැංකු ණය ගෙවාගන්න බැරිව ඉන්න අයටත් අපහසු කාල පරිච්ඡේදයක් ඇතිවිය හැකි බව කී අබෙිවර්ධන මහතා ඒ කිසි දෙයක් ගැන අවධානය යොමු නොකොට, මැතිවරණයක් වෙනුවෙන් පමණක් විපක්ෂය පෙනී සිටිනවානම්, මහජනතාව ඒ ගැන හොඳ අවධානයෙන් සිටිය යුතු බව පැවසීය.
මැතිවරණය වෙනුවෙන් පමණක් බිලියන 20ක් පමණ වියදම් කරන්න වෙන අතර එයින් තේරී පත්වෙන සභිකයන් 8000ට ඉන් පසු මාසිකව දීමනා හා වැටුප් ගෙවිය යුතු බවත් එය පවතින ආර්ථික අර්බූදය හමුවේ කළ හැකි දෙයක් නොවන බව ජනතාව තේරුම්ගත යුතුව ඇතැයි වජිර අබෙිවර්ධන මහතා කීය.
හිනිදුම සහ ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශවල එජාප බල මණ්ඩල රැස්වීම් අමතා වජිර අබේවර්ධන මහතා මෙි බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පින් මන්ත්‍රියෝ, ඔයාගෙ කටේ තියෙන්නේම ඕක තමයි... ගාල්ලේ මිනිස්සු හූ තියලා එළෙව්වේ... අමාරුවෙන් හරි අපිට ඡන්ද තමයි ඕනෑ.
එහෙම කියනවා නම් ඔය පාර්ලිමේන්තුවත් වහලා දාන්න ඕනෑ නෑ... ඕකෙ ඉන්න 225ට කොච්චර මුදල් කන්දරාවක් යනවද? අනික ජනාධිපතිතුමා ඕකෙ සැසි ඉවර කරන වාරයක් ගානේ... ආයෙත් පටන් ගන්න උත්සව වලට කොච්චර නම් වියදමක් යනවාද?
පව් අප්පා, මට ඇඬෙනවා තනි ඇහැට... බලන්න මේ මිනිස්සු අපි ගැන කොච්චර හිතනවාද කියලා...
ඔහේ ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලකයෙක්ද, නැතිනම් බහිරවයෙක්ද?
මෙයා කියන්නේ පාලක කාලකණ්ණි රට විනාශ කළාම ඔවුන් එළවලා රට ගොඩගන්න බැහැ. මොකද ඡන්දෙ තියන්න සල්ලි නැහැනේ...
මුන් චන්දයට බයේ කියන වාචාල කතා
ඡන්දෙ තිබ්බොත් මේ අයට දුවලා පණ බේරගන්න දිහාවක් නැතිවෙනවා.
රට අගාධයට ගෙනියන්නේ.., අපිටත් අවස්ථාවක් ඕනේ... මහින්ද චින්තනය, යහපාලනය, ගෝඨාගේ අදූරදර්ශී ක්‍රියාමාර්ගයේ මේ රට සුරපුරයක් කෙරුවද?
එතකොට දැන් ඉන්න අය 8000ට පඩි ගෙවන්නේ නැද්ද? නිදහස් උත්සවයට සල්ලි යන්නේ නැද්ද? ඔය 225 වගේම ඔය 8000 ත් වැඩක් නැති එක වෙනම දෙයක්...
දැන් ඉන්නේ අගාධයේ නෙවේද? ඔච්චරටම බයද ඔහෙලාගේ ස්ථාවරය දැනගන්නට? මේ ඇවිල්ලා ආණ්ඩුවේ හොරණෑව.
මේ ඔබේ අවසාන රංගනයයි...
සනී ලියෝන්ටත් මීට වඩා පෞරුෂත්වයක්, නම්බුවක් තියෙනවා.
මේවා අපිට කියන්න කවුද ඔයා,….?
ඔය කිඹුල් කඳුළුවලින් දැන් ජනතාව රවට්ටන්න බැහැ.
ඉන්න හොරු සෙට්එක කරන්නේ හොරකම්..., දූෂණ. ඡන්දයක යන වියදමට වඩා ගොඩක් වැඩියි.
රට නෙවෙයි, අගාධයකට යන්නේ තමුන් නැහැලා. ඡන්දේ තිබ්බොත් රට ගොඩ...
රට කොහොම වෙතත් අද ඉන්න දේශපාලුවන් බොහෝ දෙනෙක් නම් ආපහු ගොඩ එන්නම බැරි අගාධයකටත් එහා තැනකට ඇද වැටෙන එකනම් ෂුවර්...
ජය වෙව , අපගෙ මහ සංගරත්නයටත් මෙවන් උජුපටිපන්න ගුනයක් පිහිටයි නම් කොයිතරම් වටීද
බේරෙවැවේ නාන්න ළඟයි...
ඉතිං දැනටත් ඔය කියන 8000 කට පඩි ගෙවනවා නේද? තාම පළාත්පාලන ආයතන විසිරුවලා නෑ නේ.
චන්දෙ තිබ්බොත් යන එන මන් නැතිවෙන බව දන්නවා. නිදහස් උත්සවය සමරන්ඩ, පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේසපාලුවන් රකින්ඩ ඔවුන්ගේ ඕනැ එපාකම් වලට මොනතරම් මුදල් කන්දරාවක් කාබාසීනියා කරනවාද ?
"ඡන්දෙ තිව්වොත් රට නැවතත් අගාධයකට" නැත්තන් කොහොමත් අපායේ තමයි ඉතුරු ටිකත්..
ඔයාලා තමයි හෙනේ..!
වැඩ බැරි පිං ජනපති රනිල් බලයේ ඉන්නතුරු කොහොමටත් රට අගාධයේ තමයි. ඡන්දෙන් පස්සේ අලි පොහොට්ටු හවුල අගාධයෙන් අගාධයට යනවා. ඒකටයි මෙයා බයවෙලා ඉන්නේ...
ඡන්දෙට පිනාලා බයයි. රට අගාධයට යන එක නොවේ.. මොවුන්ට බය, මොවුන්ට ගෙදර යන්න වෙන නිසා...
ආණ්ඩුවේ වාහනයකින් ඔයා ගාල්ලට කුඩු ගෙනාවා. නඩුව අපි ඇදලා ගන්නවා. හිරේ යනවා යනවාමයි. මේවා ඇහුවාම මුත්‍රාත් යනවලු...
රට ආගාධයට පත්කෙරුවේ අපිද? නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවේ දූෂිත පවුල් පාලනේ බලලෝභී දේශපාලුවන්. ඔවුන්ව රකින පින් ජනපති වගේම පොහොට්ටුවේ ඉන්න හොරු සෙට් එක ඡන්දෙ තියෙනවාට බයයි. රැස්වීමක්වත් තියාගන්න බැරුව ජනතාවට මුහුණ දෙන්න බැරුවයි ඉන්නේ..?
එතකොට දැන් පඩි ගෙවන් නැද්ද පුතේ...? NPP පඩි ගන්නේ නැතිව වැඩ කරන්නේ...