
( අමදෝරු අමරජීව )
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර්යයේ නියැලෙන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේ ස්ථාපිත මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකය කියයි .
මුතුර් ආසනයට අයත් තෝපූර් ප්‍රදේශයේ ඡන්දදායකයන්ගේ මනාපය ලබා ගැනීම සඳහා ඔහු මෙම උපක්‍රමය භාවිතා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්වේ .
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් එම මැතිවරණ කළමනාකරණ ඒකකය භාර සහකාර තේරීම් භාර නිලධාරී හා අතිරේක දිසාපති ඒ සුදාකරන් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපදෙස් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බවයි.
දැනගන්නට ඇති පරිදි මෙම අපේක්ෂකයා පසුගිය අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බව පැවසේ. මෙම අපේක්ෂකයා මොල්ලිපොතාන ප්‍රදේශයේත් මෙම ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවීම් සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වලටද පැමිණිල්ලක් ලැබී ඇති බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නමයි, බිල්පත් අරින ලිපිනයයි... අපේ බිලුත් අරින්න...
ඉතින් ඒකේ වැරැද්ද මොකක්ද? යම් අපේක්ෂකයෙක් මැතිවරණ රැස්වීම් නොතියා මැතිවරණ කොමිසමේ අනුමත මුදල තමන්ගේ ප්‍රදේශයේ පවුල්වල සුබසාධන කටයුතු කරන්න වියදම් කරනවා ඇති. ඔහුට වියදම් කළහැකි සීමාව යටතේ මොනවා කළත් වරදක් නැහැ කියලා හිතෙනවා. ඇත්තටම කොමිසම අනුමත කරන මුදලින් කන්න බොන්න දෙන්නත් තහනම් නම් පෝස්ටර් හා කටවුට් ගහන්න බැරිනම් ඔය කළා කියන දේ වරදක් කියලා හිතන්න බැහැ.