(සනත් ගමගේ)
තියුණු ආයුධයක් පෙන්නා ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුලත් කරන ලෙසට ග්‍රාම නිළධාරියෙකුට තර්ජනයට කළ බව කියන 51 හැවිරිදි කාන්තාව අත් අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.
රුපියල් 5000 දීමනාව ලබාදීම ඡන්ද හිමි නාම ලේඛනයට අනුව සිදු කරන හෙයින් එය ලබාගැනීමේ අරමුණින් මෙම සිද්ධිය සිදු වී ඇති වී ඇති බව වාර්තාවේ.
සිද්ධිය සම්බන්දයෙන් හුංගම පොලිසිය පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායනකයින් සහ පාලකයින් නැති, දේශපාලකයින් පමණක් ඇති රටක, නීති-රීති නැති බලය ඇති කෙනා තමන්ට කැමැති ආකාරයට බලය හසුරුවන රටක, මෙය පුදුමයක් නොවේ. රටේ රාජ්‍ය පරිපාලනය අන්තයටම පිරිහි ඇත. ඉදිරියේ දි බොහෝ රට වැසියන් මේ ආකාරයට හැසිරීමට පෙලඹිය හැක!
රටේ බිම් මට්ටමේ සිදුවන දේවල් දිහා බලන කොට පුදුම විය යුතු නැහැ... රජයෙන් රට වැසියන්ට ලබාදෙන කිසිම දෙයක් ක්‍රමානුකූලව පිළිවෙලක් ඇතිව සංවිධානාත්මකව කරන්නෑ. මිනිස්සු දැඩි පීඩනයකට, අපහසුතාවයකට අසරණකමකට පත්කරලා තමයි ඒ දේවල් දෙන්නේ.. මේ මනුස්සයාව හිරේ යවන් නැතිව වැරැද්ද පහදලා දීලා ඒ රුපියල් 5000 ලබා දේ යැයි බලාපොරොත්තු වෙමු..!
මහ කකුළුවො හරහට යමින් පැටවුන්ට කෙළින් යන්න කිව්වත් පැටවුන් යන්නෙත් හරහටමයි පිහියක් රැගෙන අැවිත් තියෙන්නේ කකුළු පැටවෙක්...