(යොහාන් භාසුර)

දාහතරවැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද (5) ඇරඹුණි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රමුඛ පක්ෂ සහ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් බෙයිජිංහි මහජන මහා ශාලාවේදී කොංග්‍රසයේ ආරම්භ කළේය.

දින 08ක් පුරා චීනයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විවිධ ජනවාර්ගික සහ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෝ 2700කට වැඩි පිරිසක් එක්ව සිටිති.

එහිදී චීන අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය කාර්ය වාර්තාව අධීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.

‘15 වන පස් අවුරුදු සැලසුම් කෙටුම්පත’ පරීක්ෂා කිරීම, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජෛව පරිසර කෙටුම්පත’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජනවාර්ගික සමගිය හා ප්‍රගතිය තහවුරු කිරීමේ කෙටුම්පත’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන සැලසුම් කෙටුම්පත’ අධීක්ෂණය කරමින් සාකච්ඡා කිරීම, මහජන ශ්‍රේඨාධිකරණය හා උත්තරීතර මහජන නීති නියාමනායතනයේ කාර්ය වාර්තා අධීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, 2026 වසරේ ජාතික ආර්ථික හා සමාජීය සංවර්ධන සැලසුම් කෙටුම්පත පරීක්ෂා කිරීම ඇතුළු කාර්යයන් එහිදී කිරීමට නියමිතය.

 

IFrame