ඉන්දිකා රාමනායක
කල්මුණේ සයින්දමර්දු ප‍්‍රදේශයේ දී ඉකුත් 26 දින රාති‍්‍රයේ නිවසක් තුළ බෝම්බ පුපුරවාගෙන මියගිය කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු සොයමින් සිටි සැකකරුවකු හා සැකකාරියක් සිටින බවට තොරතුරු හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙලෙස බෝම්බ පුපුරවාගෙන මියගොස් ඇත්තේ පුලස්ති රාජේන්ද්‍රන් හෙවත් සරා නැමැත්තිය හා මොහොමඞ් කාසීම් මොහොමඩ් රිල්වාන් නැමැත්තා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මොවුන් මෙම බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ පුද්ගලයන් බවට පොලිසිය මාධ්‍ය ඔස්සේ ඡායාරූප පවා පලකර තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොවුන් දෙදෙනාගේ සිරුර ඩී එන් ඒ පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිත බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd