තුන්වෙනි චාල්ස් රජතුමාට සහ කැමිලා බිසවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 23 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව යෝර්ක් පොලිසිය ප්‍රකාශ කර තිබේ.
යෝර්ක් නගරයේ පැවැත්වෙන සම්ප්‍රදායික උත්සවයක් සඳහා සහභාගී වීමට චාල්ස් රජු සහ කැමිලා බිසව පැමිණි අවස්ථාවේ මෙම බිත්තර ප්‍රහාරය එල්ල වී ඇත. බිත්තර කිහිපයක් චාල්ස් රජු සහ කැමිලා බිසව දෙසට එල්ල වී ඇතත් බිත්තර ඔවුන්ගේ ඇඟේ වැදී නොමැත.
සමාජ මාධ්‍යයන් හි සැරිසරන වීඩියෝ දර්ශනවල බිත්තර හතරක් චාල්ස් රජුගේ සහ කැමිලා බිසවගේ හිසට ඉහළින් ගොස් බිම පතිත වේ.
පොලිසිය සහ එම ස්ථානයේ සිටි පිරිස වහාම ක්‍රියාත්මක වී ඔහු අල්ලාගෙන ඇත. චාල්ස් රජු උතුරු එංගලන්තයේ දෙදින සංචාරයක නිරත වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුනෙ !! නාස්තිකරපු බිත්තර ටික මෙහෙ එවුවානම් ශෙප් එකෙ ගානක් හොයාගන්න තිබුනා. ආපහු බිත්තර හින්ගයි මෙහෙ.
ඩයනා කුමරියගේ ජීවිතේ විනාශ කරපු රජාට බිත්තර නෙවෙයි ගහන්න ඕනෑ...