රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් බ්‍රිතාන්‍ය සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන චෙල්සි ක්‍රීඩා සමාජයට ද කණ කොකා හඬා ඇත.

බ්‍රිතාන්‍ය විසින් රුසියානු ධන කුවේරයන්ට සම්බාධක පැනවූ අතර චෙල්සි ක්‍රීඩා සමාජයේ අයිතිකරු වන රුසියානු ජාතික රෝමන් ඇබ්‍රමොවිච් ද එම සම්බාධක වලට හසු වී ඇත.

මේ හේතුවෙන් ඔහුට දින 81 ඇතුළත චෙල්සි ක්‍රීඩා සමාජය විකිණීමට සිදුවන අතර එසේ නොකළහොත් කිසිම ආදායමක් නොලැබෙන නිසා ක්‍රීඩා සමාජය බංකොලොත් වී යනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දුන්හ.

දැනටමත් ක්‍රීඩා සමාජය අත්සන් තබා තිබූ ස්ටර්ලිං පවුම් මිලියන 40,66 සහ 900 ගිවිසුම් පහක් එම සමාගම් විසින්  අවලංගු කරන බව දැනුම් දී තිබේ. බ්‍රිතාන්‍යය විසින් චෙල්සි ක්‍රීඩා සමාජය විකිණීමට අවසර දී ඇතත් රෝමන් හට එම විකිණීමෙන් කිසිඳු ලාභයක් හෝ මුදලක් ලබා ගැනීමට හැකියාවක් නොමැති ආකාරයට එම අවසරය නිකුත් කර ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න