IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


චාල්ස් කුමරුගේ රාජාභිෂේකයට වියදම පවුම් කෝටි 10 ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා වියදම බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් කෝටි 10 ක් පමණ බවත් එම මුදල ගෙවනු ලබන්නේ බ්‍රිතාන්‍ය රජය බවත් විදෙස්  මාධ්‍ය වාර්තා කර ඇත.එයට හේතුව සියලු රාජ්‍ය උත්සව සඳහා වියදම දරන්නේ රජය වන අතර රාජාභිෂේක උත්සවයද රාජ්‍ය උත්සවයක් වීමයි.

බ්‍රිතාන්‍ය ජනතාව ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් දුෂ්කර කාලයක් ගෙවමින් සිටින බවත් එවැනි අවස්ථාවකදී බ්‍රිතාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් පවුම් කෝටි 10 ක් චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය වියදම් කිරීමට සුදානම් වීම පිළිබඳ විවේචන රාශියක් එල්ල වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

මේ පිළිබඳ පැවති මත විමසුමකදී එයට සහභාගී වු බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට බ්‍රිතාන්‍ය රජය වියදම් කිරීම අනුමත නොකරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

එසේම රාජාභිෂේක උත්සවය පවත්වන මැයි 6 වැනිදා බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්  එක් බැංකු නිවාඩු දිනයකින් බ්‍රිතාන්‍යයට පවුම් බිලියන 2.3 ක පාඩුවක් සිදුවන බව ආර්ථික හා ව්‍යාපාර පර්යේෂණ මධ්‍යස්ථානය සිදුකළ පර්යේෂණයකින් හෙළි වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රාජාභිෂේක උත්සවයේ දී කැමිලා බිසව මතභේදයට තුඩු දුන් කොහිනූර් දියමන්තිය නොපළඳින බවත් රාජාභිෂේකය නරඹන ජනතාවට තෙවැනි චාල්ස් රජතුමාට සහ ඔටුන්නේ උරුමකරුවන්ට පක්ෂපාතිත්වය ප්‍රකාශ කිරීමට සංවිධායකවරුන් ආරාධනා කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

රාජාභිෂේක දිනයේදී රාජාණ්ඩු ක්‍රමයකට අකමැති ජනතාව බ්‍රිතාන්‍ය පුරා විරෝධතා සංවිධානය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.



අදහස් (10)

චාල්ස් කුමරුගේ රාජාභිෂේකයට වියදම පවුම් කෝටි 10 ක්

පුරවැසියා Tuesday, 02 May 2023 09:14 PM

ඔය ගාන වැරැදි ඇති... තව වියදම් යනවා සිකුරුයි. මැයි හත්වෙනිදාට අනුර කුමාර මහත්තයා හරියටම ගාන හදලා කියයි...

:       0       1

Rata Perata Tuesday, 02 May 2023 10:25 PM

කෝටි 10 ක් ?කවුද ඕයි මේ බොරු කියන්නේ ?මොන විදෙස් මාධ්‍ය ද මේවා කියන්නේ .ඉංග්ලිෂ් දන්නවානම් බී.බී.සී වත් කියවන්න

:       0       0

dayananda Wednesday, 03 May 2023 12:07 AM

එහෙනම් මෙහෙ ජනතාව බෙහෙත් ආහාර නැතිව දුක් විදිනකොට ජනරජ පෙරහැර නිදහස් උත්සව, පාදඩ දේශපාලන ලොක්කන්ට සියළුම සැප වරප්‍රසාද භුක්ති විදින්නේ.....

:       2       1

Nihal Wednesday, 03 May 2023 12:43 AM

තව අවුරැදු දහයකටත් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් නොවන රටක පෙනියක් වියදම් නොකර කරන්න පුළුවන්

:       0       1

bamunarachchi Wednesday, 03 May 2023 07:10 AM

ජනතාව ඒ මුදල ගෙව්වාට කමක් නැහැ එංගලන්තය ලෝක සිතියමේ රැඳී තිබෙන්නේ රජ පරම්පරාව නිසයි.

:       5       5

YasithThursday, 04 May 2023 01:15 PM

ඒක හරි. අපේ රටත් ශ්‍රීලංකා කියලා ලෝක සිතුයමේ තියෙන්නේ මහින්ද මහත්තයා නිසයි. ඒක ගැන අපි එතුමාට ස්තුති වෙන්න ඕනේ. කෘතගුණ සැලකීම යුතුකමක්.

:       0       2

BamunuarachchiFriday, 05 May 2023 09:37 AM

මහින්ද මහතා නැතිනම් මුළුරටම මේ වෙනකොට ඊලමක්. ඒක එහෙම නොවෙයි කියන්න පුළුවන් කෙනෙක් නැහැ. මම එතුමාට ගරුකරන්නේ සිංහලයින්ට එකතුවෙන්න පුළුවන් බව එතුමා ඔප්පුකළ නිසා. රාජපක්ෂලා බලයේ ඉන්න කාලේ දෙමල්ලු මීක් කිව්වේ නැහැ. දැන් දෙමල්ලු පන්සල් හදනවාටත් විරුද්ධ වෙන්නේ නිවට දේශපාලකයින් බලයේ ඉන්න නිසයි.

:       0       0

කිරිපුතා Wednesday, 03 May 2023 09:56 AM

අපෙන් ඉගෙනගෙන

:       3       0

විපරමා Wednesday, 03 May 2023 10:28 AM

අපේ රටෙන් කී දෙනෙක් විතර යන්ඩ ලෑස්ති වෙලා ඉන්නවද දන්නේ නැහැ .

:       1       0

පිටරැටියා Wednesday, 03 May 2023 01:33 PM

මේ රටේ වෙන දේවල් හරියට දන්නේ නැතුව කෙන්ද කන්ද කරලා බොරු කියන අයත් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site