
(රෝෂන් තුෂාර)
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහි විමර්ශන අවසන් කර ඇති බැවින් ඉදිරියේදී මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (18)පැවසීය.
මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේ ඇප මත සිටින සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්( මූල්‍ය) සුමිත්‍රා සිල්වා හා රාජකරුණා මනමේන්ද්‍ර සුනිල් ගාමිණි අධිකරණයේ පෙනී සිටියේය.
අල්ලස් කොමිසම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්කර අදාළ උදෘත අල්ලස් කොමිසමේ නීති අංශය වෙත යොමු කර ඇති බවය.ඒ අනුව සැකකරුවන්ට ඉදිරියේදී කොළඹ මහාධීකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවද පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ 2016 පෙබරවාරි 29 දින රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පලාත් සභාවේ ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්පිරීමට පෙර ඉවත්කර රජයට රුපියල් ලක්ෂ 173ක පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධානමයි ස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය 2026 පෙබරවාරි 20 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර රත් වෙනකන් මේ දවස්වල කකුළුවා උඩ පැන පැන නටනවා.
පළාත්සභාවල සියළුම ආදායම් රජයේ ගිණුමට බැර කල යුතුයි කියලා ගහපු චක්‍රලේඛයක් අනුව තමයි චාමර සම්පත් පළාත් සභාවේ ආදායම දාලා තිබුණු ස්ථාවර ගිණුම වහලා ඒ සල්ලි රජයට දීලා තියෙන්නේ. ඒ නිසා ලැබෙන්න තිබිලා අහිමි වූ පොලිය ගැන තමයි මේ චෝදනාව. චාමර සම්පත්ගේ කට වහන්න මේක ගෙනාවට අපි බලමු උසාවියේදී ආණ්ඩුව පීචන් වෙන හැටි...
කිසිම තේරුමක් නැතිව ඔහේ බුරන බල්ලෝ නිසා අසල්වැසියන්ට හරිම කරදරයි