
(රෝෂන් තුෂාර)
ඌව පළාත් සභාව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 18 දින කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියම කළාය.
ඇප මත සිටින සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරන බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන විභාගය නොවැම්බර් 18 දිනට කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ මුදල් අවභාවිත කිරීම අනිවාර්යයෙන්ම සිර දඬුවම් ලැබිය යුතු වරදක්. මේ ගොල්ලෝ එදා කරපු හොරකම් දැන් එළිවෙනකොට අපෙන් පලි ගන්නව කියලා තමයි දැන් කියන්නේ. මේ හොරුන්ගෙන් රට බේරා ගැනීමට මාළිමාවට ඡන්දය දුන්න එක අද මොනතරම් වටිනවද? දැන් නම් රට ගොඩේ ගොඩ.
හාමිනේට කියන්න රනිල් ට පණිවිඩයක් යවන්න කියලා එදාට එන්න