IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චාමරගේ නඩුව 12ට කැඳවයි

(රෝෂන් තුෂාර)

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පොදු  දේපළ පනත යටතේ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥය කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පැවසීය.

ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි පවසමින් අල්ලස් කොමිසම ගොනුකළ විමර්ශනය කැඳ වූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.

දේශපාලන හේතූන් මත පවරන මෙම පැමිණිලි සම්බන්ධයෙන් උත්තර දීමට සැකකාර පාර්ශවය සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

රක්ෂිත බන්ධනාගාර ගත  චාමර සම්පත් දසනායක මහතා අද බන්ධනාගාර අධිකාරිය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර විමර්ශන විභාගය දහවල් 12 ආරම්භ වීමට නියමිතය.

 



අදහස් (3)

චාමරගේ නඩුව 12ට කැඳවයි

හසක Tuesday, 01 April 2025 11:26 AM

වංචාව කරල තියෙන්නෙත් දේශපාලන හේතූන් මත දේශපාලන බලය අවභාවිතා කරල හින්ද දේශපාලන හේතු මත නඩුව පවරල තියෙනවනං ඒකෙත් අවුලක් නෑ.

:       0       0

නට් ලූස් අබ්බගාත් Tuesday, 01 April 2025 11:35 AM

පොදු දේපල නං ඉතිං ඒවා පරිහරණය කරන්න මාගේ සේවාදායකයාටත් අයිතියක් තියෙනවා! වහාම නිදොස්කර නිදහස් කරන්න.

:       0       0

Lapai sipai Tuesday, 01 April 2025 03:28 PM

තව කෑගහන්න උන් ඉන්නවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site