
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ රැස්වීමට විසිදාහක් නොආවොත් තමා පාර්ලිමේන්තුවේ මාසයක් කතා නොකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"දැන් බුදු පිළිම සිද්ධිය විපක්ෂයේ අහිංසක අපේ ඇඟේ දාන්න හදනවා.විජේපාල මහත්තයා තමයි 21 වෙනිදා රැස්වීමට අපිට සපෝට් එක දීලා තියෙන්නේ. ඒකට අපිට කරන්න දෙයක් නෑ .අපේ රැස්වීමට කාගේවත් සෙනග ඕන නෑ.විසිදාහකට වැඩිය සෙනඟ එදාට එනවා.ගණන් කරලා තියාගන්න.අපි ගෙනල්ලා පෙන්නනවා.
එහෙම නාවොත් මම මාසයක් මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නෑ ලියලා තියාගන්න" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20,000 ද එන්නේ? 2.50 න් තව ගෙන්න ගන්න බැරිද?
ඇයි මෑන් පවර් කොම්පැනි සෙනඟ දෙන්න බෑ කීවද?
තමුන් ගොලුවෙලා ඉන්න තරමට හොදයි. කට ඇරියොත් කියන්නේ ගොන් අමන කතා? ඊට වඩා හොද නැද්ද කියපු ගාන නොආවොත් ඉල්ලා අස්වෙනවා කිව්වා නම්...
ලොකු දෙයක්. පුලුවන් නං කතා නොකරම ඉන්න. කතා කරන කොට අපිට කනේ ඇගිලි ගහ ගන්න හිතෙනවා.
මෙයාට 20000 ක් වෙනකන් ගනින්න මොලයක් තියෙනවද?
මාසයක් නොවෙයි... සදහටම...
ඔට්ටු? කුඹුර හාන්න ගත්තට, ගොවියො හරක් එක්ක ඔට්ටු අල්ලන්නෙ නෑ..
හපොයි.. දැන් 20,000 ට බැහැලද? ඉස්සර ලක්ශ ගනන් ආපු පක්ශයක් නේද? සතුටුයි ගව සම්පත අඩු වීම ගැන
ගමගේ දන්නේ නෑ ආණ්ඩුව කිව්වේ පුළුවන් නම් 5,000 ක් ගෙනැල්ලා පෙන්නන්න කියලා.
අන්න අධි චෝදනා ලෑස්තියිලු. ඊට පස්සේ ඉතින් කොහොමත් ගොලු වෙනවා.
ත්රිකුණාමල සිද්ධියෙන් පස්සේ දැන් බයියන්ට ෂුවර් 20000 ක් ගේන්ඩ පුළුවන් වෙයි කියලා