
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද(14) පස්වරුවේ රැස් විය.
ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අදාල කැබිනට් පත්‍රිකාව මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ ගෘෘෆ් වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිස ගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබුන බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික නාලිකාවක් වෙනත් කණ්ඩායමක් අතට පත්වීම ඉතා අවධානම්. එය අනුමත නොවීම පිලිබඳව සියල පාර්ශයන්ට ස්තුතිය.!
මරු ඇමතිලා මුලින් දීලා පස්සෙ ආවරණ අනුමැතිය ගන්න කැබිනට් එකට ඉදිරිපත් කරලා...
රටේ සම්පත් විකුණන්නේ නැති බවට පොරොන්දු දී බලයට පත් මේ රජය දැන් රටේ වටිනා සම්පත් හොර රහසේම විකුණමින් පවතියි. සිංහරාජයට ලී මොකටද? සමනල කන්ද බදු දෙමු හෝටලයකට...