(විනීතා එම් ගමගේ)
රූපවාහිනි සංස්ථාවට අයත් ‘අයි‘ නාලිකාව සහ ‘නේත‍්‍රා‘ නාලිකාව අධ්‍යාපන නාලිකාවන් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව මේ මස 20 වැනිදා සිට එම නාලිකාවන් දෙක පාසල් දරුවන් ගේ පාඩම් මාලා වෙනුවෙන් වෙන්වනු ඇතැයි අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපනය සදහාම වන නාලිකාවක් ආරම්භ කරන තුරු මෙම නාලිකාවන් දෙක අධ්‍යාපන නාලිකා ලෙස ක‍්‍රියාත්මක වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල්, පෙරපාසල් හා විශ්ව විද්‍යාල පද්ධතිය වෙනුවෙන් වූ අධ්‍යාපනික වැඩසටහන් පමණක් මෙම නාලිකාව ඔස්සේ ප‍්‍රචාරය වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
පවතින තත්ත්වය යටතේ ලක්ෂ 55 ක් වන පාසල් හා විශ්ව විද්‍යාල දරුවන් ගේ අධ්‍යාපන ක‍්‍රියාකාරකම් කඩා නොවැටී ඉදිරියට ගෙන යාමට රූපවාහිනි නාලිකාවක් තිබීම ඉතා අත්‍යවශ්‍ය බවත් ඒ පිළිබඳව තමන් කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය ලැබීම සතුටට කරුණක් බවත් අලහප්පෙරුම මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පස්සේ අහන්න ලැබිච්ච හොඳ කැබිනට් මණ්ඩල තීරණයක්. ඩලස්ටත් ස්තුතියි.
ඒක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්.
ඉතා වැදගත් දෙයක්.
ගුවන් විදුලිය ඒකාබද්ධ කරන්න මාතර අදහස්...
ඉතාමත් හොද වැඩක්. දීර්ඝ කාලිනව ස්ථිර නාලිකා කීපයක් ඒ සදහා වෙන්කර වැඩ පිලිවෙලක් සකසන්න.
අතිවිශිෂ්ට තීරණයක්.