
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රූපවාහිනී නාළිකාවක් වන චැනල් 4 නාලිකාව මගින් ශ්‍රී ලාංකිකයකු සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම සම්මුඛ සාකච්ඡාව ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දිනෙක චැනල් 4 නාළිකාව මගින් විකාශය කර තිබූ අතර එම වීඩියෝවේ අඩංගුව පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු සහ දණ්ඩ නීති සංග්‍රහයේ සදහන් කුමන්ත්‍රණය ඇතුළු චෝදනා කීපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
බාහිර සංවිධානයක් විසින් මෙම වීඩියෝව පිළිබදව මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමුකරන ලද පැමිණිල්ලක් පොලිස් මූලස්ථානය වෙත යොමුකිරීමෙන් පසු මෙහ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව විසින් ආරම්භ කරනු ලැබීය.
එම වීඩියෝව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි විමර්ශනයක් කරනවා නම් පරීක්ෂණ වාර්තාවෙන් චූදිතයන් වෙච්ච වලං හෝදපු ශානියි, ලියුම් මේසෙ උඩ තියන් හිටපු රවියි නැතුව වෙන අය දාන්න ඕන. නැත්තන් ඕක විහිලුවක් විතරයි.
යම්තම් ඇති. සහල් ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගෙන...