චීනයෙන් යුරෝපයට මුඛ ආවරණ මිලියන හතරක් ගෙනා බව ‘එයාර්බස්’ ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිලෙම් ෆුරි පවසයි
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය යුරෝපට කඩා වැදුණු අතර යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් බවට පත්ව ඇත්තේ ඉතාලිය සහ ස්පාඤ්ඤයයි.
යුරෝපය මෙන්ම කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඇමෙරිකාව ද මේ වනවිට මුඛ ආවරණ, ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) ආදී වෛද්‍ය උපකරණ හා සැපයුම්වල දැඩි හිඟයකට මුහුණ පා සිටි.
‘එයාර්බස්’ සමාගමේ චීනය සහ යුරෝපය අතර ‘ගුවන් පාලම’ මෙහෙයුමේ කොටසක් ලෙස එම සමාගම එලෙස චීනයේ සිට යුරෝපයට එම මුඛ ආවරණ තොගය ප්‍රවාහනය කර ඇත.
මේ අතර චීන බිලියනපතියන් වන ජැක් මා සහ ජෝශප් සායි නිව්යෝක් ප්‍රාන්තයට ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) දහසක් පරිත්‍යාග කළේ යැයි නිව්යෝක් ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩෘ ක්වාමෝ පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තය ද ස්වසන සංවාතන යන්ත්‍ර 140ක් එවන බව හෙතෙම කීය.
අල්ජසීරා
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරයෙන් වෛරය නොසන්සිඳේ. බුද්ධ ධර්මයේ මේගැන හොඳින් පැහැදිලි කර තිබේ. මෙන්න තවත් අර්ථකථනය කිරීමක්. පහුගිය දවස්වල ලෝකෙට ලොක්කා කියලා හිතාගෙන ඉන්න එක්කෙනයි. මෙගොල්ලෝයි.... චිනේටයි, රුසියාවටයි කෝචෝක් දැම්මා නේද? තවත් ප්‍රවුර්තියක් දැක්ක රුසියාව වෙන්ටිලේටර් යන්ත්‍ර හා අනිකුත් උපකරණ ලොක්කාට යැවුවා කියලා.
චිනේ ඉන්න කෝටිපතියෝ පරිත්‍යාග කරන්නෙත් ඇමෙරිකාව, නෙදර්ලන්තය වැනි විශාල පොහොසත් රටවලට , අපි චීන්නු පස්සේ ගියාට , අපට දෙන දෙයක් නොමැත. ඕනේ නම් අපට ගිනිපොලියට නයක් දීල අපේ රටෙන් කොටසක් සින්න කරගනීවි... එහෙම නැත්තන් හැමදාම කැඩෙන නොරොච්චෝලේ වගේ එකක් අපට හදල දීල අපෙන් කුට්ටියක් කඩා ගනිවී...
ඔය චීන්නු පසුපස ගිහින් අපට කවදාවත් දියුණු වෙන්න බැහැ , අපි දියුණු වෙන්න නම් අපේ නිෂ්පාධන මිලදී ගන්න , අපේ නිෂ්පාදන වලට හොඳ වෙළඳ පලක් තිබෙන රටවල් එක්ක සෙට් වෙන්න ඕනේ.