IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චීනය දෙන නිවාසවල ඉදිකිරීම් අරඹයි

(යොහාන් භාසුර)

අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක් හෙවත් රුපියල් කෝටි 2200 ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර ඉදිකිරීම් මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේදී අද (27) ආරම්භ කළේය.

චීන මුල්‍යාධාර යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට යෝජිත අතර  මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ ඉදිවන ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 575ක් සහ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස 108ක් ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් ද ඉදිකිරීමට නියමිතය.

කිසිදු ‌භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම දීම රජයේ අරමුණ බව එම උත්සවයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

චීන රජයට මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කරන බවත් නිවසක් යනු පවුලකට, පුද්ගලයෙක්ට රැකවරණය දෙන තැනක් වගේම පුරවැසියන් හැටියට ලැබිය යුතු හොඳ ජීවිතයකට, ගුණාත්මක ජීවිතයකට, ආරක්ෂාව වෙනුවෙන් තිබිය යුතු තැනක් බවත් ඇය පැවසුවාය. නිවසක් විතරක් නෙවෙ ශක්තිමත් පවුලක්, ප්‍රජාවක් ගොඩනැගීමටත් රජයට අවශ්‍ය, විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ අවශ්‍යතාවයට ලැබෙන අවකාශය ඉතා වැදගත් බව කී අග්‍රාමාත්‍යවරිය නගරාසන්නව ඉන්න අඩු ආදායම්ලාභීන් ඉතාමත්ම දුෂ්කර ජීවිතයක් ගත කරමින් ඒ වගේම සමහරු නිවසක් නැති නිසා ඉතාමත්ම අනාරක්ෂිත ජීවිත ගත කරන බව ද සඳහන් කළාය.

ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ සමාජභාවය ආදියේ කිසිම වෙනසක් නැතුව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන් වටපිටාවක් ලබා දෙන එක රජයේ අරමුණක් බවත්  ඒ සඳහා චීන ආණ්ඩුවෙන් ලැබෙන මුල්‍ය ආධාරය වගේම  ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව සිය ස්තුතිය පිරිණමන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ටැන්ග් යාන් ඩි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු  රාජ්‍ය නිලධාරීන්, චීන රජයේ  නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

 



අදහස් (2)

චීනය දෙන නිවාසවල ඉදිකිරීම් අරඹයි

Kumar Friday, 27 December 2024 10:12 PM

ණයක් නොවේ නේද? මේ දිනවල චීනයේ සිරගෙවල් පිරිලා ඇති. එම ගෙවල් හදන්න ලංකාවේ කම්කරුවෝ ගන්නේ නැහැ. චීන සිරකරුවෝ ගේනවා.

:       27       1

Shelton Saturday, 28 December 2024 06:50 AM

උඩින් මිතුරු යටින් කතුරු. චීනාගේ උදව් අපිට උර් චක්‍රයක් වෙනවා දවසක. ඒක අප්‍රිකාවෙන් ඉගෙන ගන්න...

:       23       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site