(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සර්වජන බලය පක්‍ෂයේ සාමාජිකත්වය අද (23) ගත්තේය.
එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඔහුට පක්‍ෂ සාමාජිකත්වය පිරිනමා සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයට ද පත්කළේය.
එස්. එම්. චන්ද්‍රසේන මහතා 2001 වසරේ සිට 2024 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ අතර ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු කිහිපයක් දැරීය.
ඔහු පසුගිය මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එකතු විය.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චන්ද්‍රසේන සර්වජන බලයට එක්වෙයි
යෝගා Monday, 23 December 2024 02:07 PM
දිලිත්ට පාර්ලිමේන්තුවට යන්න මිසක් ආණ්ඩු බලය ගන්න අටවා ගත්ත සන්ධානයක් නම් නෙමෙයි ඕක.
Perera Monday, 23 December 2024 02:21 PM
යන එනමං නැතිව ගියාම ගොඩ වෙන්න පුළුවන්. ඔය කොයි එකත් පිළිසරණක්.
Kazi Shajahan Monday, 23 December 2024 02:22 PM
දිලිත් නගර සභා වැඩ භාරගෙන වගේ. ඔක්කොම කුණු ටික දිලිත් ගාවට.
මැක්ස් Monday, 23 December 2024 03:09 PM
හපොයි දිලිත්, ජෙප්පන්ටත් අන්ත මෙවන් උන්දලා සමඟ මොන ව්‍යවසායක රාජ්‍යක් ද? මහින්ද මහතා වැනි ප්‍රතාපවත් සහ ප්‍රායෝගික නායකයකුටත් වදයක් උණු මෙවැනි අය ලං කරගෙන කොහේ යන්නද?
සෙනෙවිරත්න Monday, 23 December 2024 04:01 PM
මැක්ස් තමුන්ට ලෙඩක්, ජෙප්පො එක්ක ඇරියස් නම් මේ වගේ හොරු එක්ක සසඳන්න එපා, එතකොට තමුන්ලගෙ මෝඩකම රටට හෙලිවෙනවා.
Tox Monday, 23 December 2024 04:41 PM
දවසින් දවස තිරිහන් වෙනවා වගේ. කරපු දේකුත් නෑ. නම්බු කාර විදියට දේශපාලනෙන් පෙන්ෂන් යන්නේ නැතුව හිඟමනේ යනවා...
Kule Monday, 23 December 2024 05:03 PM
මීතොටමුල්ල කුණු කන්ද මීටවඩා වටිනවා.
Harshana Bandara Monday, 23 December 2024 10:04 PM
මහ මැතිවරණෙට කලින් එස්.එම්. චන්ද්‍රසේන ගත්තා නම් දිලිත්ට ජාතික ලැයිස්තු ආසනේත් නෑ...