IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


චන්දිමාල්ට ජයසිංහට - පියුමි හංසමාලිට ඇප

(නිමන්ති රණසිංහ සහ යොහාන් භාසුර)

කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා අද  නියෝග කළේය.

නිරෝධායන පනත උල්ලංඝණය කළ බව සදහන් කරමින් කොටුව පොලිසිය, මෙම සැකකරුවන් දෙදෙනා සමග තවත් සැකකරුවන් 12 දෙනකු ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණූ අතර එම සැකකරුවන් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (31* දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් ඊයේ (30* රාතී‍්‍රයේදී පොලිස් ඇප මත මුදා හළ බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව එම සැකකරුවන් ඊය් (31* අධිකරණයට හමුවේ ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ පැවැති උපන්දින සාදයක් සදහා මෙම සැකකරු සහ සැකකාරිය ඇතුලූ සැකකරුවන් පිරිස ඊයේ (30* සහභාගී වී සිටි අතර, ඔවුන් නිරෝධායන නිති මෙන්ම සංචරණ සීමා ද, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 264 වගන්තියට ද උල්ලංඝණය කරමින් එම උපන්දින උත්සවය සමරමින් සිටි බව ද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (11)

චන්දිමාල්ට ජයසිංහට - පියුමි හංසමාලිට ඇප

Rata Perata Monday, 31 May 2021 09:08 AM

සල්ලි තිබ්බට මොලේ අඩුයි කියලා තේරෙන්වා නේද

:       0       0

Ruhunu Monday, 31 May 2021 09:58 AM

ඔලුව තිබුනට මොලේ නැ.

:       0       24

nimalMonday, 31 May 2021 09:24 PM

නිරෝධායන පනත උල්ලංඝණය කරමින් කොළඹ ෂැංගී‍්‍රලා හෝටලය කර තිබෙන්නේ බරපතල වරදකි.

:       0       0

Raveendra Monday, 31 May 2021 10:13 AM

සමාජ වගකීම් මොනවදවත් නොදත් තොත්ත බබ්බු.... නොදකින් මෙහෙමත් අය...

:       3       36

Ranabahu nn Monday, 31 May 2021 10:49 AM

මේ අයව ගස් බැඳලා ගහන්න ඕනෑ...

:       1       26

fairoos Monday, 31 May 2021 10:52 AM

සාමාන්‍ය කෙනෙක්නම් දෙනනම නිරෝධායනයට දානව

:       0       30

කුරුණෑගල පොලිස් උපන්දින පාටිය Monday, 31 May 2021 11:03 AM

එතකොට කුරුණෑගල නගරාධිපති .

:       0       32

rathnasiti - narammalaMonday, 31 May 2021 01:03 PM

මිනිහාට තියෙන්නේ මොලේ අමාරුවක්. දවසක නියම පිරිමියෙකුට අහුවුණොත් කණ ගලවලා අතටම දෙයි. වැඩි දවසක් මිනිහා දඟලන්නේ නැහැ. මේ හොරුන්ගේ ආණ්ඩුව වැටුණු දවසක ඔය හාදයා ගැරඬියෙක් වගේ හැඟෙනවා. අපි නොදන්නා කුරුණෑගල බිණ්කුණ්ඩානේ.

:       5       9

moraotuwaMonday, 31 May 2021 10:19 PM

කෝටියක විතර දඩයක් ගහන්න ඕනේ...

:       0       0

Danajaya Monday, 31 May 2021 12:45 PM

මොන ජීවිතද මේ...?

:       0       9

sampath Monday, 31 May 2021 07:01 PM

සමහරු හිතන් ඉන්නේ දන්න කියන අයගෙන් කොරෝනා හැදෙන්නේ නෑ කියලා අනෙකා මේ අය අය නිරෝධායනට යොමු නොකරන්නේ ඇයි? පොලීසිය ඉල්ලීමක්වත් කරලා නෑ පී.සී.ආර්. එකක් කරලා වාර්තා කරන්න කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 411 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 124 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 801 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site