(යොහාන් භාසුර)
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරමින් සිටින්නේ යැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
එම ප්‍රධාන හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවෙන් මෙම පුද්ගලයන් හදුනාගත් බවත් කොළඹ මධ්‍යම දූෂණ විමර්ෂණ ඒකකය පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා පැවසීය.
එම හෝටලයේ කළමනාකරුවකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන්කරගත් බවත් සිද්ධිය වාර්තා වූ පසුගිය මැයි 30 වැනිදා රාත්‍රී එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයාගෙන් හෙට ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පාරින්ම අල්ල ගන්න හරි අමාරුයි නේද පොලිසියත්.. අන්න ඒ ළමයා ගෙදරට වෙලා තෝසෙ හද හද පෝස්ට් දානවා. දන්නේ නැති කෙනෙක් නෙමෙයිනේ. ගෙදරට ගියා නම් අල්ල ගන්න පුලුවන්. අජිත් මහත්තයාට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්න කාලේ හරි...
හොයන්න දෙයක් නෑ. කොහේ හරි ප්‍රයිවට් හොස්පිටල් එකක නැවතිලා ඇති. ඕකනේ දැන් ට්‍රෙන්ඩ් එක..
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...!!!
අපිට ඇහුණා නිරෝධායනයට ගෙනගිය බස් එක ඇතුළේදී කලා පවුලේ දුව කවුද කියල කියනවා. එම වීඩියෝව ලෝකය පුරා එක එක අය විසින් ප්‍රසිද්ධ කර තියෙන නිසා ඒ කවුද කියන එක වසන් කරන්න නම් ලැබෙන එකක් නැහැ. බලමු එයත් පොලිසියෙන් අල්ලා ගනීද කියලා...
හෝටලයට සහ කළමනාකරුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ එම හෝටලයේ රජපවුල සතු කොටස් තියෙන නිසාද? එහෙම කතාවක් සමාජය තුළ ප්‍රචාරය වෙනවා.
ඔය කියන කල පවුල ලැජ්ජා බයට හැදුණු පවුලක්.. එයාලා අත්අඩංගුවට ගන්න අමාරුයි. ලොකු තැන්වලින් උදව් තියෙනවා...
මේ වගේ දේවල් හොයන්න කාලය හා මුදල් වැයකර කර ඉන්නේ. කොරෝනා හැදුණු ලෙඩුන් සොයා ඒ අයගේ ජීවිත බේරගන්න. මොනවද මේ රටේ කෙරෙන වැඩ...? අරෙහේ ලෙඩුන් දුක්විඳිනවා. මේ අය මේ වෙනත් දේවල් පස්සේ දුවනවා.
බල්ලන් එක්ක ලැග්ගාම මැක්කො එක්ක නැගිටින්න වෙනවා...
යම් කෙනෙක් එසේ සැඟවී සිටී නම් කොරෝනාවට දාලා වන්නා වු නීති රීති වලට අදාලව බරපතල වරදක් නේද? බලමු නීතිය ක්‍රියාත්මක වෙන හැටි...?
මේ දැවෙන ප්‍රශ්න ගැන රජය සොයාබැලීම ඉතා අවශ්‍ය වේ..
අප්පච්චිට බයිලා ගහපු කාලේ කාලේ කොල්ලගේ දුව ගැන වෙන්න ඇති මේ කියන්නේ..
අපි නම් දන්නවා කවුද කියලා