(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයකදී පැවැත්වූ සාදයට සහභාගි වූයේ යැයි කියන එහි ප්‍රධාන සංවිධායක ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මවල නැගණිය සහ රියදුරා ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත් අඩංගුවට ගත් බව මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය කියයි.
මෙම පිරිසට ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක සහ ඇයගේ සැමියා සහ තවත් පුද්ගලයකු ඇතුළත් බවත් එම පිරිස කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
මෙම පුද්ගලයන් හයදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඔය මගුල විතරයි අඩු... !!!
මම එහෙම ඕවාට සම්බන්ධ නැහැ හරිද?
ජනාධිපතිටවත් මෙච්චර ඉඩක් නෑ පත්තරේ...?
මේ වගේ ප්‍රවෘත්තිවලට තැනක් දෙන්න එපා. ඔහොම අත් අඩංගුවට ගත් හැමෝගේම විස්තර දාන්න ගියොත් වැදගත් ප්‍රවෘත්තිවලට තැනක් නැතිවෙයි. අනික අහක ඉන්න කබ්බෝ ෆෝම් කරන්නත් එපා...!
චන්දිමාල් වැරැද්දක් කරලා අත්අඩංගුවට ගත්තා. ඔය කියන ප්‍රසිද්ධ පවුලේ නම දාන්නේ නැත්තේ, වැරැද්දක් කරන්නේ නැතිව අත්අඩංගුවට අරන්ද..?
ඇත්තටම මොකටද මේවා පත්තරේ දාන්නේ? කාටද මේවා වැඩක් තියෙන්නේ? කිසිවැඩකට නැති ඕපාදූප.. වැදගත් ලිපියක් සාන්න හැමෝටම වටින..
පියුමිට අත නොතබනු..
කුරුනෑගල නගරාධිපතිට වෙනම නිතියක්ද
දෙවියන් වහන්සේ අති කාරුණික වුවත්, අති දයාවන්ත වුවත්, මනස්තාපනය වන්නන්ට සමාව දුන්නත්, දඬුවම ලැබෙනවා. දඬුවම තමාට පමණක් නොව පරම්පරා ගණනකට බලපානවා. ළඟදී විවාහක රූ රැජින තරඟයේ දික්කසාද වන්නට නඩු කියන කාන්තාවකට (කාන්තාවට අප කරුණාව පාමු. ඇයට අවලාදයක් නොවේ) කිරුල දෙන්න කටයුතු කළ මෙයාට තව දඬුවම් ලැබෙයි. රෝසිටත් එහෙමයි. මනස්තාපනය වී සමාව ඉල්ලන්න.
මේ වගේ දේවල් අපි කියවන්න කැමති නෑ...
විෂබීජ...!
මේ කාලකණ්ණි රොත්තම අඩුම වශයෙන් බරපතල වැඩ ඇතිව වසරක් හෝ සිරගෙට යවන්න ඕනේ...
පුදුම විදිහටනේ කඩේ යන්නේ... මොකද ඊළඟ පාර ඡන්දෙවත් ඉල්ලන්නද?
අත්අඩංගුවට අරගත්තට අරගෙනත් ඉවරයි.. තාම මේ පවුලේ නම දන්නේ නැද්ද?
මොකක්ද මේ විකාරය?. මොවුන්ව අල්ලුවා නිරෝධායනයට යැව්වා එච්චරයි කතාව... මේ ප්‍රසිද්ධිය ඇති මේ ගොල්ලන්ට ලබන සැරේ ඡන්දෙ ඉල්ලන්න. නැතිනම් පාන්දර 02ට විතර පාටිය දාපු තැන පෙන්වන්න එක්ක යන්න...