IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චීන වෙද නැවට සුව ඇමතිත් යයි

(අංජුල මහික වීරරත්න)

චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “Peace Ark” නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා මෙරට ජනතාවට නොමිලේ ලබාදෙනු ලබන ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සේවාවන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

චීන රජයේ Mission Harmony – 2024 වැඩසටහනේ අංගයක් ලෙස මෙරටට පැමිණි මෙම රෝහල් නෞකාව දෙසැම්බර් 21 වනි දා කොළඹ වරායට සේන්දු විය. එතැන් සිට  අද දින (27) දක්වා මෙම නෞකාව මගින් මෙරට ජනතාවට මෙන්ම මෙරට රැදි සිටන චීන ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා ලබාදීමට කටයුතු කරනු ලබයි.

මෙම රෝහල් නෞකාවේ මැදිහත්වීමෙන් මෙරට සහ ලෝක ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් මෙන්ම  සිදු කරනු ලබන මානුෂීය ප්‍රයත්නය මෙහිදී ඇගයීමට ලක්කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට මහජන සෞඛ්‍ය ඉහළ නැංවීමට සහායවීම තුලින් ශ්‍රී ලංකා චීන ද්විපාර්වික සබඳතා තව තවත් ශක්තිමත් වන බව මෙහි දී පෙන්වා දුන්නේය.

ඉතා දීර්ඝ කාලයක සිට මෙරට සෞඛ්‍ය, ආර්ථික, අධ්‍යාපන, සාමාජීය කටයුතු වල උන්නතිය වෙනුවෙන් චීන සමූහාණ්ඩුව මැදිහත්ව කටයුතු කරනු ලබන බවත් එය ඉතා අගය කොට සළකන බව ද  අමාත්‍යවරයා මෙහිදී කීය.



අදහස් (1)

චීන වෙද නැවට සුව ඇමතිත් යයි

Perera Saturday, 28 December 2024 09:10 AM

මතුපිටින් නම් සමාජ සක්‍රීයතාවයක යෙදෙන වෙද නැවක් තමයි. ඒත් ... එක්කෝ ඕනෙ නැහැ.

:       21       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site