
(යොහාන් භාසුර)
කොළඹ වරායට ළඟාවී ඇති චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාව නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එක්වූවාය.
එම නෞකාව පසුගිය 21 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර මේ මස 27 දක්වා ශ්‍රී ලංකාවේ ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා දෙනු ඇත.
අග්‍රාමාත්‍යවරිය සාම නෞකාව ඇතුළත් වැඩසටහනේ මානුෂීය ප්‍රයත්නයන් ඇගයීමට ලක් කළ අතර, ශ්‍රී ලාංකීය ජනතාව වෙත මෙම සුහදත්වය ප්‍රකාශ කිරීම පිළිබඳව චීන රජයට ප්‍රසාදය පළ කළාය.
ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම සහ මහජන සෞඛ්‍යයට සහාය වීම සඳහා එවැනි ප්‍රයත්නයන්හි වැදගත්කම අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළාය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නෞකාවේ මෙහෙවරෙහි වැදගත්කම චීන තානාපතිවරයා අවධාරණය කළ අතර නෞකාවේ වෛද්‍ය කණ්ඩායම විසින් නෞකාවේ පවතින නවීන පහසුකම් සහ සේවාවන් පිළිබඳ පැහැදිළි කරන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව චීනයට කිට්ටු වෙනකොට ඉන්දියාවට දූපතක් ආපසු ඉල්ලනවා. ඇමෙරිකාවෙන් ඔයවගේ නැව් එන්නේ මහජනයාගෙන් මුදල් සම්මාදම් කරලා එකතුවෙන මුදල් වැය කරමින්... චීනයේ සැමදෙයක්ම සිදුවන්නේ රජයේ වියදමින්...
ඒ රෝහල අයිති චීන මහජන ආණ්ඩුවටද? චීන ආණ්ඩුවටද?