IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චීන මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ශ්‍රීලංකාවට

විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති (CPAFFC ) ලින් සොන්ටියැන් මහතා අද (12දා) සිව් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාවේ චීන මිත්‍රත්ව සංවිධාන සාමාජිකයන් පිරිසක් විසින් ඒ මහතා අද කොළඹ ෂෑංග්‍රිලා හෝටලයේ දී පිළිගනු ලැබීය.

අති සාර්ථක තානාපතිවරයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ලින් සොන්ටියැන් මහතා අප්‍රිකානු කලාපය සහ චීනය අතර සම්බන්ධතාවය වර්ධනය කිරීම සඳහා සිය උපරිම දායකත්වය දැක්වූ චීන තානාපතිවරයා ලෙසද සැලකේ. 2020 සිට විදේශ රටවල් සමග මිත්‍රත්තවය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපතිවරයා ලෙස පත් කෙරුනු සොන්ටියැන් මහතා සිය පළමු සංචාරය ලෙස සිදුකළ පාකිස්ථානයේ සංවාරයකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණියේය.  ඒ මහතා ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය වර්ධනය කිරීමට මුල් වූ රබර් සහල් ගිවිසුම අත්සන් කළ  ජී.ආර්. සේනානායක මහතා ගේ ඥාතීන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරතුමිය හමුවීමට නියමිතය. එසේම ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ත්වය සංගම් සංවිධානය කරන සම්මන්ත්‍රණයකට සහභාගී වීමට නියමිත සොන්ටියැන් මහතා ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හමුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.

චීනයේ මිත්‍රත්ව සංගම් 46 කින් සැදුම්ලත් CPAFFC සංවිධානය ලොව පුරා රටවල් 157ක මිත්‍රත්තව සංවිධාන 413 ක් සමග කටයුතු කරයි.



අදහස් (0)

චීන මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ශ්‍රීලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site