(අංජුල මහික වීරරත්න)

චීන කාබනික පොහොර නැව පිළිබඳ ගැටළුවට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් දීම සඳහා විදේශ අමාත්‍යාංශයේ සහයෝගය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2021 වසරේ දී මෙරටට ආනයනය කළ චීන කාබනික පොහොර නැව හා ඊට ශ්‍රී ලංකා රජය විසින් ගෙවා ඇති ඩොලර් මිලියන 6.7ක මුදල සම්බන්ධව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෛන් විසඳුමක් ලබා දීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (10) සාකච්ඡා පවත්වා තිබෙි.

චීන කාබනික පොහොර නැව සම්බන්ධ ප්‍රශ්නයේ දී දෙරට අතර දීර්ඝකාලීන මිත්‍ර සම්බන්ධතාවලට හානියක් නොවන අයුරින් ගැටළුවට විසඳුමක් සෙවීම සඳහා සහයෝගය දෙන්නැයි විදේශ අමාත්‍ය ජනාධිපතී නීතිඥ අලි සබ්රි මහතාගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මින් පෙර පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවක දී ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයාගේ හා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව අදාල සියලු පාර්ශ්ව කැදවා සාකච්ඡා කර තිබෙි.

අර්බුදකාරී තත්ත්වය සමයකට පත් කිරීම සඳහා විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍යාංශයේ විශේෂ නිලධාරියෙක් ද මෙහිදී පත් කළ අතර එම නිලධාරියාට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට දැනුම් දුන්නේය.