
(විමුක්ති එස් රුද්‍රිගු)
බාල වයස්කාර දැරිවියක් අපහරණය කළ බව කියන චූන් පාන් වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය කියයි.
රත්නපුර ප්‍රදේශයේ ස්ථිර පදිංචිය ඇති එඩේරමුල්ල ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචි වී සිටින 29 හැවිරිදි ක පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය .
සැකකරු වයස අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන විවාහ කරගන්නා බවට පොරොන්දු වී මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක දැරිවිය සමග ජීවත් වෙමින් සිටියදී එඩේරමුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත .
මෙම සැකකරුගේ නීත්‍යානුකුල බිරිඳ නිවුන් දරුවන් අපේක්ෂාවෙන් සිටින ගැබිණි මවක් බවත් මෙම සැකකරු මීට පෙර දෙවතාවක් මෙවැනි අපරාද කර ඇති බවත් එම අවස්ථාවලදී පොලිසියට නොපැමිණ වින්දිත පාර්ශවයට මුදල් ලබා දී සමථයකට පත් කරගෙන ඇතිබවත වැඩි දුර විමර්ශන වලදී අනාවරණය වූ බව එඩේරමුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසයි .
කැලණිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි එඩේරමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති සුදේශ් අසංක ,කාන්තා හා ළමා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් කොස්තාපල් 7790 ගිම්හානි ,පොලිස් සැරයන් 49579 ශාන්ත යන නිලධාරි මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුර ප්‍රදේශයේ කිව්වට කොහේද? මෙහෙම කාලකන්නි ඉන්නේ කියලා දැනගැනීමට එයාගේ ගමේ නමත් කියන්න... එතකොට එයාට ගමටත් එන්න බැරිවේවි. රත්නපුර දිස්ත්‍රික්කය අවිස්සාවේල්ලේ සිට තුංකම බරවකුඹුක පමණ දක්වා දුරට තියෙනවා. ගම කොහේ වුණත් කියන්නේ රත්නපුර කියලා..