(අංජුල මහික වීරරත්න)
අඩු ආදායම්ලාභීන්ට , කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදල ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.
ලබන මාසයේදී චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන “සහයෝගීතාවය සඳහා වන මාර්ග මුල පිරීම” (BRI) සමුළුව අතරතුරදී අදාල ගිවිසුම අත්සන් කරන බව අමාත්‍යාංශය කියයි.
මෙම නිවාස 1996න් නිවාස ඒකක 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා වෙන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එම නිවාස කොට්ටාව පළතුරු වත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා චීන රජය යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ණය...!
නැවත බිලීබාගැනීමේ ක්‍රමවේදයක්... ගියපාර ගිලපු ඇම වමාරන්න බැරිව කී දෙනෙක් ඉන්නවද?