(ෂේන් සෙනෙවිරත්න)
වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසලක හය ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා එහි විදුහල්පතිනිය අල්ලස් ඉල්ලන බවට ලද චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි වත්තේගම අධ්‍යාපන කලාප කාර්යාලට මරුකර යැවීමට පළාත් අධ්‍යාපන ලේකම්වරයා පියවර ගෙන තිබේ .
චෝදනාවට ලක් වූ විදුහල්පතිනිය පාසලට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් 40,000 සිට 50,000 දක්වා වූ මුදල් ඉල්ලන බවට දෙමව්පියන් විසින් කලාප කාර්යාලයට පැමිණිලි කිරීමෙන් අනතුරුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාල විද්‍යාලයට යවා සිදුකළ විමර්ශනයකදී දෙමව්පියන් විසින් සිදුකළ පැමිණිලි සත්‍ය බවට අනාවරණය වීමෙන් පසු එම විදුහල්පතිනිය පාසලෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ .
චෝදනාවට ලක් වූ විදුහල්පතිනිය පිළිබඳව විනය පියවර ගන්නා තෙක් ඇය එසේ තාවකාලිකව පාසලෙන් ඉවත් කොට කලාප කාර්යාලයට මාරු කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෝදනා ලැබූ විදුහල්පතිනියට මාරුවක්
Lal Monday, 25 March 2024 07:08 PM
ස්ටාලින්... කරමුද වර්ජනයක්?
Saman Dissanayake Monday, 25 March 2024 09:02 PM
වත්තෙගම විතරක් නොවේ ඔක හෑම තෑනම වෙනවා. මෙක වසන්ගතයක් වෙලා තියෙන්නෙ මෙ රටෙ. ගෙට්ටු හදන්න පුටු හදන්න අරක හදන්න මෙක හදන්න කියල සල්ලි ඉල්ලනවා. රටෙ බදු මුදල් පසල් වලට එන්නෙම නෑද්ද කියලා හිතෙනවා. මෙ අදි සිශ්ය සන්ගම් තමා මෙක ඈති කරලා තියෙන්නෙ . සන්ගමය කියන වෑඩ නොකොලොත් ලමයෙක් පාසල් දනවා බොරු. මෙ රටෙ නිතියක් නෑ.
Gayantha wicramasinghe Tuesday, 26 March 2024 05:42 AM
ඔතන විතරක් නොවේ ලංකාවේ හැම තැනම ඕක සිද්ධ වෙනවා. ඉල්ලන්නේ ආධාරයක් කරන්න කියලා. ආධාරයක් කියලා ඉල්ලන්නේ අල්ලසක් . පාසලේ එක එක අඩුපාඩු කියලා සල්ලි ඉල්ලනවා. මේක වසංගතයක් මේ රටේම. මේවට ආදී සිසුන්ගේ සංගමය එකතු වෙලා මේ වැඩේ කරන්නේ. රජයෙන් පාසල් නඩත්තුවට සල්ලි දෙන්නේ නැහැ කියලා සල්ලි ඉල්ලන්නේ . එක්කෝ නීතියක් දාන්න ඕනෑ. මේ රටේ මිනිස්සු ගෙවන බදු පාසල් වලට දෙන්නෙම නැද්ද ? මේකද නිදහස් අධ්‍යාපනය කියන්නේ.
Saman Dissanayake Tuesday, 26 March 2024 11:58 AM
වත්තෙගම විතරක් නෙමෙයි ඕක හැම තැනම වෙනවා. මේක වසංගතයක් වෙලා තියෙන්නේ මේ රටේ. ගෙට්ටු හදන්න පුටු හදන්න අරක හදන්න මේක හදන්න කියලා සල්ලි ඉල්ලනවා. අධාර වශයෙන් තමයි ඉල්ලන්නෙ. රටේ බදු මුදල් පාසල් වලට එන්නෙම නැද්ද කියලා හිතෙනවා. ආදී ශිෂ්‍ය සංගම් තමයි මේක ඇති කරලා තියෙන්නේ. සංගමය කියන වැඩ නොකළොත් ළමයෙක් පාසලට දාන්න වෙන්නේ නෑ. මේ රටේ නීතියක් නෑ.
Sellakkara kolla Tuesday, 26 March 2024 12:00 PM
ස්ථාන මාරුවක් ගන්න ලේසිම ක්‍රමය අල්ලස් ගැනීමයි.