(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා කැස්බෑව අධිකරණයට ගෙන ගොස් තිබියදී "චුට්ටියා" සහ "චූටියා" නැමැති කොල්ල කරුවන් අත් මාංචු සමඟ පළාගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7000ක මුදලක් කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් කීපයකට සම්බන්ධව සිටි මෙම සැකකරුවන් දෙදෙනා විශ්ව කලාව ප්‍රදේශයේ දී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි
සැකකරුවන් දෙදෙනා හඳුනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදී ඔවුන්ට දමා තිබූ අත් මංචු පිටතට නොපෙනෙන ලෙස ආවරණය කර තිබූ රෙද්දෙන් වසාගෙන ප්‍රධාන ගේට්ටුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ත්‍රිරෝද රථයක නැඟ පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි
කොල්ලකරුවන් රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයා රාජකාරි අවශ්‍යතාවයක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගිය අවස්ථාවේදී එහි සිටි සෙසු පොලිස් නිලධාරීන්ට නොපෙනෙන ලෙස කොල්ලකරුවන් දෙදෙනා පලාගොස් තිබූ බව පොලිසිය කියයි
කොල්ලකරුවන් දෙදෙනා පලා යන අවස්ථාවේදී අධිකරණ පොලිස් මුරපොළේ පොලිස් සැරයන්වරයෙකු, කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කාන්තාවන් දෙදෙනකු මෙන්ම ප්‍රධාන ගේට්ටුවේ අධිකරණ සේවකයෙකුද රාජකාරියේ දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි
පලා ගිය කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සහ බුද්ධි නිලධාරීන් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී මංගල දෙහිදෙණිය , පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහත්වරුන් ගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරින් උසස්වීම් වලට සුදුසුයි. පොලිස් කොමිසම පවා සනාථකර තිබෙනවා.