
(යොහාන් භාසුර)
අකුරේගොඩදී වෙඩි තබා ඝාතනය කළ නීතිඥවරයා තම නීතිඥ අධ්‍යන කණ්ඩායමේ සාමාජිකයෙක් බවත් වර්තමාන ආණ්ඩුට සිය නීතිඥ කණ්ඩායම පිළිබඳ ගැටලුවක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා අද (18) පැවසීය.
‘මහජන හඬ සංවිධානයේ’ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ ප්‍රධානීන් අතර බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.
‘කොවිඩ් 19’ වසංගතය අවස්ථාවේදීත් ජනතාවගේ ජීවිත සහ සමස්ත රාජ්‍යය ආරක්‍ෂාකරගැනීමට කටයුතු කළ අතර 2022 වසරේ නැවත වතාවක් ජනතාවගේ නැගිටීමක් වූ අවස්ථාවේදී බංග්ලාදේශය සහ නේපාලයේ මෙන් ජීවිත දහස් ගණනක් නැති නොකර ආපස්සට යනවාට වඩා මෙරට පුරවැසියා සහ රාජ්‍යය ආරක්‍ෂා කිරීමට සිය ආණ්ඩුව අඩියක් පස්සට ගත් බව කී නාමල් රාජපක්‍ෂ මහතා පුරවැසියා විසින් තෝරාගත් වර්තමාන ආණ්ඩුව රාජ්‍යය බිඳදැමීමට උත්සහ කරන බව සඳහන් කළේය.
ආණ්ඩුවේ රාජ්‍යය බිඳදැමීමේ ක්‍රියාවලිය තුළ පුරුවැසියා කඩා වැට්ටීමක් දැකිය හැකි බවත් මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරු සම්බන්ධයෙන් ගත් තීන්දුව, එනම් වෛද්‍යවරු වැඩට ආවේ නැත්නම් ජනතාව වෛද්‍යවරු ගැන බලාගනී යැයි කළ තර්ජනාත්මක ප්‍රකාශය, අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහ පිටත ආණ්ඩුවේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු කළ ප්‍රකාශ, පසුගියදා නීතිඥවරයෙක් සහ බිරිඳ ඝාතනය කිරීම යන සිද්ධි හේතුවෙන් නීති වෘත්තිය තුළ ද යම් බියක් සහ සකයක් නිර්මාණය කර ඇති බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස මෙරට රාජ්‍ය යාන්ත්‍රණය සහ රාජ්‍ය සේවකයන් මෙන්ම සමස්ත පුරවැසියා ආරක්‍ෂා කරගැනීම සඳහා විපක්‍ෂයේ සියලු බලවේගයන්වලට ඔවුන්ගේ අනන්‍යතාව ආරක්‍ෂා කරගනිමින් එකතු වියයුතු බවත් ආණ්ඩු එනවා, ආන්ඩු යනවා එය එසේ වුවද රාජ්‍ය ආරක්‍ෂාකරගත යුතු අතර තමන් නියෝජනය කරන දේශපාලන බලවේගය ඉතිහාසයේ සිටම රාජ්‍යය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වූ බවත් රාජපක්‍ෂ මහතා කීය.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීමේදී දෙමළ ජනතාවට එරෙහිව නොකළ බවත් එහිදී එල්.ටී.ටී.ඊ.යට එරෙහිව සටන් කළේ රාජ්‍යය බේරාගැනීමට බවත් ඔහු කීය.
මාදැල් ධීවරයක්ගේ ගැටලුවත් ඇති වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මැදිහත් වුවද එම මැදිහත්වීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම පිළිබද්‍ව ගැටලුවක් ඇති බව ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් හොර පෙරකදෝරුවෙක් කියලා ලෝකෙම දන්නවා. ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු තමුන් ගේ කියුම් කෙරුම් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
පුරවැසියා ආරක්‍ෂා කරන්නද රට බංකොළොත් කලේ...?
ඉතින් හරිනේ, මෙයා ගෑවුණා නම් ඉතින් පාතාලය කුඩු මිනීමරුම් ඔක්කෝම එකම පැකේජ් එකේ තියෙනවා...
හලෝ මෝඩ බේබි. එයා විතරක් නෙමේ ගොඩක් අය ඉන්නවා තමුන් මයිනාගේ බලෙන් සීතල කාමරේ. හොර වැඩ කරනවා බලා ගෙන. අද ඔය මියගිය කෙනා ඔය ගැන කලින්ම කිව්වා නම්. මයින් බේබිලා පරලොව ඇරලා ගොඩාක් කල්. දැන්. ඔය කතා කියන කෙනත් ඉන්නේ පිටරට අය මරන්න ගියා මෝඩ බේබි. නීතිය ලියන්නේ කොහොමද? නම ගිය මෝඩයෙක්. කට ඇරියොත් විනාශයි. මොන්ගල් හිතන් ඇති මිනිස්සු විශ්වාස කරයි කියලා ඕවා. මෝඩ මයින් බේබිලා. ලොකු පුටුවල ඉදගත්තේ තාවකාලිකව මයිනාගේ... හොර සහතික බලෙන්. මොන්ගල්ගේ වෙනස. සේරම කුඩු මිනීමැරුම් කරන්නේ ලන්කාවේ ඉදගෙන. මයිනා මැරුණාම ඔය සේරම ඉවරයි බේබී...