
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සොරා ගත් යතුරුපැදියකින් ඝාතනයක් සඳහා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් විදේශක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රිවොල්වර වර්ගයේ ගිනි අවිය , 38 වර්ගයේ ජීව උණ්ඩ පහක් , හොරයින් මත්කුඩු මිලිගෑම් 11,760 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 16වෙනි දින හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් නොහොත් ජොන්ටි යන අය ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීම සඳහා කොස්ගොඩ සුජී පාර්ශ්වයේ අනුගාමිකයකු වන විදෙස් ගතව සිටින හසිත නොහොත් දෙලා තීරෝද රථ රියදුරුකුවන සෝනි නැමැත්තා ඝාතනය කිරීමේ මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දුන් බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි
අම්බලන්ගොඩ දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වතු ගෙදර පරගහතොට පින්තාරු ශිල්පියෙකු ලෙස කටයුතු කරන අයක් හා එම ප්‍රදේශයේම පදිංචි ත්‍රී රෝද රථ කාර්මිකයකු වන 27 හා 29 හැවිරිදි පුද්ගලයන් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd