IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඝාතන තැත වරදී

(කේ.පී.සුමනදාස)

සෙවනගල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට  අද (04) අලුයම තුනට පමණ නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇතැයි සෙවනගල පොලිසිය පැවැසීය.

මෙසේ වෙඩි පහරට ලක්ව තුවාල ලබා ඇත්තේ කිරිඉබ්බන්ආර ආයුර්වේද රෝහල අසල පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකි.

පවුල් ආරවුලක් හේතුවෙන් ටික දිනක සිට නිවසේ නොසිට  නිවසට මද දුරක් පිහිටි වෙනත් අයකුට අයත් නිවසක රාත්‍රී කාලය තනිව ගත කර ඇත.

ඊයේ (03) රාත්‍රී ආහාර ගැනීමෙන් පසු නිවසේ ජනේලයක් විවෘත කර නිදාසිටියදී අද (04) අලුයම   විවෘත කර තිබූ ජනේලයෙන් වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් ඔහුගේ අතෙහි කිහිල්ල ප්‍රදේශයට බරපතල ලෙස හානි සිදුව ඇත.

පොලිසිය කියා සිටියේ ඔහු ඝාතනය කිරීමට සිතා වෙඩි තැබීම සිදු කලද වෙඩික්කරුට ඉලක්කය වැරදීම හේතුවෙන් ඝාතනය වැරදී ඇති බවයි . වෙඩි වැදීමෙන් තුවාල ලැබු ඔහු  ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.



අදහස් (0)

ඝාතන තැත වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site