
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
ශ්රී වන්දනාවේ යන බැතිමතුන් ගමන් කළ පෞද්ගලික බස්රථයක් සහ කතරගම දේවලයට යමින් සිටි පිරිසක් ගමන් ගත් ත්රීරෝද රථයක් ගොඩකවෙල මල්වත්ත ප්රදේශයේ දී ගැටීමෙන් ත්රිරෝද රථයේ තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ගොඩකවෙල පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලැබූ පිරිස අතර වයස අවුරුදු දහයක පිරිමි දරුවෙකු සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තුවාලකරුවන් මුලින්ම ගොඩකවෙල රෝහලට ඇතුලත් කළ අතර තත්වය බරපතල නිසා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ගොඩකවෙල පොලීසිය පවසයි.
තුවාලකරුවන්ගේ හිසට සහ පාද වලට බරපතල තුවාල සිදුව බවද පොලිසිය පවසයි. බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
ගොඩකවෙල පොලීසිය රථවාහන අංශ නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මොකක් හරි අනතුරක්...
මේක බස් එකක්ද? නැත්නම් තොරණක්ද ?
ශ්රී වන්දනාවේ යන්න අපිත් කැමතියි.