(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )

ගුවන් හමුදා කෝප්‍රල් වරයෙකුගේ නිවසක තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරන 9.62X39 වර්ගයේ ජීව උණ්ඩ 35 ක් සොයාගත් බව වාද්දුව පොලිසිය පවසයි .

කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ගුවන් හමුදා කදවුරක රාජකාරි කරන ගුවන් හමුදා කෝප්‍රල් වරයෙකු පදිංචි  මොල්ලිගොඩ නිවසක නිවසක ජීව පතුරම් ඇති බවට ලද තොරතුරක් අනුව අපරාධ අංශ නිළධාරීන් නිවසේ  සගවා තිබූ උණ්ඩ 35 ක් සොයගත් බව පොලිසිය කීය.

සැකකාර කෝප්‍රල් වරයා රාජකාරී කරන ගුවන් හමුදා කදවුර දැනුවත් කර ඇති  බවත්  සැකකරු ගේ ප්‍රකාශ ලබාගැනිමෙන් පසු ඉදිරි නීති මය කටයුතු  සිදුකරන බවත් පොලිසිය සදහන් කරයි.