(ගයාන් සූරිය ආරච්චි)

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19ක් සහ මිලිග්‍රෑම් 600ක් ගුද මාර්ගයේ සඟවාගෙන සිටි මහර බන්ධනාගාරයේ රඳවියෙක් බන්ධනාගර නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

බන්ධනාගාර නිලධාරීන් විසින් කළ දැනුම් දීමකට අනුව රාගම පොලිසියේ නිලධාරීන් පැමිණ එම රැඳවියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර බන්ධනාගාර නිලධාරීන් භාරයට  ගත් මත්ද්‍රව්‍ය පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අද (22) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.

රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.