
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය කාලයේදී විවිධ දේශපාලනඥයන්ට ගිනි අවි නිකුත් කර ඇති බවත් සමහර ඒවා දීපු තැනක්වත් හොයාගන්න නැති බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද අනාවරණය කළේය
සමහර ගිනිඅවි සම්බන්ධ දත්ත වාර්තා කිසිවක් නැතැයිද ඔහු සඳහන් කළේය.
මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස ගිනිඅවි ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා 2024 වසරේදී ගිනි අවි සමීක්ෂණයක් කළ බවද ප්‍රකාශ කළේය.
මේ සමීක්ෂණයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බවද ඔහු සඳහන් කළේය.
ගිනි අවි සම්බන්ධයෙන් දැඩි නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෝකයේ වෙනත් රටවල ගිනි අවි පාලනය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතද මේ දිනවල අධ්‍යයනය කරගෙන යන බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd