(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජාතික ඉතිරි කිරීමේ බැංකුව මාලදිවයිනේ ආර්පීඅයි  නමැති  සමාගමකට ඇමරිකානු  ඩොලර් ලක්ෂ අනූවක ණය මුදලක් ලබා දී ඇති බවත් එම ණය මුදල ලබාගෙන ඔවුන්   ඒ රට ඇතුළේ   ඉදිකරපු නිවාඩු නිකේතනයක්( විලා ) එකක්  නැති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

මෙම බැංකුවට විදේශ සමාගමකට මේ ආකාරයට ණය මුදලක් ලබාදීමට කිසිදු බැඳීමක් නැතැයි ඔහු සඳහන් කළේය.
මේ සමාගම කිසිම ප්‍රාග්ධන මුදලක් නැවත ගෙවා නැති බවත්  මෙම මුදල පසුව ඩොලර් මිලියන 17.2ක් දක්වා වැඩි වී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.මාලදිවයිනේ සමාගමකින් එන්. එස්.බී බැංකුවට  පොල්ලක්