
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වුණු ගාසා තීරය යළි ගොඩනැගීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් පිහිටවූ සාම මණ්ඩලය ඇමෙරිකන් ඩොලර් බිලියන 5 ක මුදලක් ලබා දීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට ඊශ්‍රායලය සහ පලස්තීනය අතරේ සටන් විරාමයක් පවතින්නේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වීමෙන් සකස් කළ සාම වැඩපිළිවෙළ නිසාය.
පසුගිය ඔක්තෝබර් 10 වැනිදා එම සාම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමෙන් පසු ට්‍රම්ප් මැදිහත් වී කලාපීය අරාබි රටවල් ද ලොව සෙසු මුස්ලිම් රටවල් ද හවුල් කර ගනිමින් ජාත්‍යන්තර සාම මණ්ඩලය ස්ථාපිත කළේය.
සාම මණ්ඩලයට එක් වී සිටින රටවල් පෙන්වා දී ඇත්තේ, ප්‍රහාර හමුවේ විනාශ වුණු ගාසා තීරය පලස්තීන වැසියන්ට ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කිරීමේ අරමුණින් ඇමෙරිකන් ඩොලර් බිලියන 5 ක මුදලක් ලබා දෙන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයාවත් කොනිත්තලා තොටිල්ලත් නළවනවා කියන්නේ මේකට තමයි.