
(සිතුම් චතුරංග)
ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව වවුනියාව රෝහල පවසයි.
ශල්‍ය වෛද්‍ය විශේෂඥ රජීව් නිර්මලසිංහම් හා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නාගේෂ්වරන් යන මහත්වරු ඇතුළු වෛද්‍ය සහ හෙද කණ්ඩායමක් ඊයේ (25) විසින් මෙම සැත්කම සිදු කර තිබිණි.
වගා බිමේ කිසියම් කාර්යයක් සිදුකරමින් සිටියදී එම පුද්ගලයා බිම අැඳවැටී අනතුරුව ලී දඬුව ගෙල පසාරුකරගෙන ගොස් තිබී අැත.
ප්‍රදේශවාසීන් විසින් ලී දඬුව ගෙලෙහි තිබියදී කඩිනමින් රෝගීයා රෝහලට ඇතුළු කර අැති අතර සිද්ධියට මුහුණදුන් පුද්ගලයා වවුනියාව රෝහලට රැගෙන ඒමෙන් පසුව වෛද්‍ය කණ්ඩායම කඩිනමින් සැත්කම සිදුකොට රෝගියා බේරා ගැනීමට කටයුතු කළ බවද රෝහල් බලධාරීන් පැවසූහ.තුවාල ලැබු පුද්ගලයා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි