
(බණ්ඩාර ජයරත්න )
මාවනැල්ල මහාවිද්‍යාලයක භුමියේ වගාකාර ඇති ආදර්ශ ඖෂධ උයනේ ඖෂධ ශාඛයක ගෙඩි කෑ බව කියන සිසුන් අටදෙනෙක් වමනේ යෑම සහ බඩඑළියේ යෑම හේතුවෙන් අද (03) පස්වරුවේදි මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතිබව රෝහල ආරචිමාර්ග සඳහන් කරයි.
රෝහල් ගත කර ඇත්තේ සිවුවැනි වසරේ අධ්‍යාපනය හදාරන වයස වුරුදු නවයේ පසුවන බව කියන පිරිසක් බවද සඳහන්ය.
ඔවුන් උදෑසන දහය හමාරට ආසන්න කාලයේදි ගසකින් ගෙඩි කඩාගෙන අහාරයට ගෙන ඇතිබවත් පසුව පාසැල නිමා වී නිවසට යෑමෙන් අනතුරුව වමනය යෑම බඩඑළිය යෑම හේතුවෙන් සිසුන් රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වනවිට ඔවුන්ගේ තත්ත්වය ඒතරම් බරපතළ නොවන බවද රෝහල ප්‍රකාශක පැවසුවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නිවාඩු කාලේ නේද කොහොමද ළමුන් පාසල් ආවේ. පන්ති භාර ගුරුවරයා අනිවාර්යෙන්ම වගකීම ගත යුතුයි, විදුහල්පති සමග
බෙහෙත් ගහක ගෙඩි නම් ශරීරයේ තිබුණ මළ ජරාව ඔක්කෝම වමනයෙන් සහ මළ පහ වලින් පිට වෙනවා ඇති. දැන් තියෙන්නේ මළපහ පිටවෙන්නේ නැති අයට ඔය ගෙඩි කන්න දීලා බලන එකඟයි
ඔසු උයනක නම් ශාඛයේ දේශීය නම ගෙඩි නැත්නම් කරල් ආහාරයට ගත්තොත් විස වෙනවාද ඒක දේශීය ශාඛයක්ද උද්භිද විද්‍යත්මක නම ආදිය පුවරුවල දක්වා නැත්නම් ඔසු උයනේ ප්‍රයෝජනයක් නැහැනේ.