
( බී.ජී. චතුරංග සහ රෝහණ චන්ද්‍රදාස )
හොරොව්පොතාන ,ඇලපත්වැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක මිදුලේ සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ඇඟට ගසක අත්තක් කඩා වැටී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඊයේ (16) මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ , ඇලපත්වැව, මොරකෑව හොරොව්පොතාන පදිංචිව සිටි ආර්.කේ. නෙසදු දුලාෂ් පෙරේරා නැමැති වයස අවුරුදු 5යි මාස 6ක පිරිමි දරුවෙකි.
මොරකැව ප්‍රදේශයේ පෙර පාසලක ඉගෙනුම ලබමින් සිටි මෙම දරුවා පසුගිය 12 දා පෙර පාසල් අවසන් වීමෙන් අනතුරුව සෙල්ලම් කරමින් සිටියදී, ගසක අත්තක් කඩා වැටී අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.
එදින පෙර පාසල නිම වීමෙන් අනතුරුව පෙර පාසල් ගුරුවරිය දෙමාපියන් පිරිසක් කැඳවා, පෙර පාසලේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියදී, එම දරුවා ගල් කැට රැගෙන ඒ ආසන්නයෙන් සෙල්ලම් කරමින් සිට ඇති බවද දරුවාගේ මවගේ ප්‍රකාශ වල සටහන්වේ.

2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගසක අත්තක් වැටී පෙරපාසල් පුතා මරුට
කමල් Tuesday, 17 December 2024 05:03 PM
රත්තරන් කිරිකැටි පුතාට නිවන් සුව...